වෙඩින් වලට ගිහිල්ලා කරට අත දාගෙන පාතලේ එක්ක ඩීල් දාන දේශපාලකයෝ ඉන්නවා…සාක්ෂි ලඟදීම!

0

දකුණේ දේශපාලකයින් පාතලය සමඟ සමීප සම්බන්ධතා පවත්වන ආකාරය පිළිබඳව වීඩියෝ පට පවා ඉදිරියේදි එලි දැක්වීමට රජයට හැකියාවක් ලැබෙන බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

“ඔබතුමාලා පොඩ්ඩක් හොයලා බලන්න දකුණේ ප්‍රධාන පාතල කල්ලි නායකයෝ සමහර හිටපු දේශපාලකයන්ගේ වෙඩින් වලට සහභාගි වුණා. ඔබතුමාලා මාධ්‍යවේදීන් නේ හොයා ගන්න පුළුවන් නේ. එක පාරම කිව්වාම ඒකේ රසය නැති වෙනවා. පහුගිය කාලයේ රට ඉදලා ඇවිල්ලා වෙඩින් වලට සහභාගි වෙලා අයෙමත් ගුවන් තොටුපොලට බස්සලා. ඉදිරියේදි අපිට සමහර ඉට විඩියෝ පවා පෙන්වන්න පුළුවන් වෙයි කවුරු එක්කද මේ කරට අත දාගෙන හිටියේ කියලා.”  නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා