කකුල් දෙපැත්තේ තියාගෙන නෑ…අපේ නායකයා මහින්ද රාජපක්ෂයි…..SLFP අත ඇරලත් නෑ

0

තම කණ්ඩායමේ එකම නායකයා මහින්ද රාජපක්ෂ ලෙස පිළිගන්නා බවත් ආණ්ඩු පක්ෂය සමඟ සම්බන්ධතාවයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල පවසනවා.

ඊයේ (05 ) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

“දෙපැත්තේ කටයුතු කරන්නේ නෑ. අපි ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වලට යන්නේ නෑ. ආණ්ඩු පක්ෂයේ කිසිම සම්බන්ධතාවයක් අපිට නෑ. විපක්ෂයේ අපේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා අපි පිළිගන්නවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි මන්ත්‍රිකණ්ඩායමක් විදියට විපක්ෂයේ එකට ඉන්නවා. ඒකේ කිසි වෙනසක් නෑ.

දයාසිරි මන්ත්‍රිවරයා ආණ්ඩුව පැත්තට ගිහිල්ලා මාධ්‍ය ප්‍රකාශක කියලා තනතුරකුත් අරගෙන තියනවා?

“නෑ නෑ මම දන්න විදියට ඒකේ සත්‍යතාවයක් නෑ. අපේ 16 කණ්ඩායමෙත් ජේෂ්ඨ උපසභාපතිවරු 3 දෙනෙක් ඉන්නවා. ඒ අය තනතුරු වලින් ඉවත් වෙලා නැහැනේ. ආයෙමත් කාරක සභාවක් කැඳවූවොත් ඒ අයට ඒකට සහභාගි වෙන්න යන්න වෙනවා නේ. එතකොට මධ්‍යම කාරක සභාවේ ප්‍රධානියා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. අපි පක්ෂයෙන් ඇවිල්ලා නෑනේ එලියට.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here