දකුණ හැමදාම උතුර ඇන්දුවා….උතුරට සාධාරණය දෙන්න ඕන….ආයුධවත් යුද්ධයවත් උතුරට ඕන නෑ!

0

දකුණේ නායකයන් විසින් සැමදා උතුරේ ජනතාව ඇන්දවූ බවත්, එසේම, කරපිංචා කොළයක් නොවී උතුරේ දේශපාලන නායකයන්ද තම ගනුදෙනු බේරාගැනීමට කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම් මරික්කාර් පවසනවා.

ඊයේ (05) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ හිට්ලර් රැගෙන ඒමට උත්සාහ දරන්නන් විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ බිල්ලන් මවනු විනා ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු තර්ජනයක් නොමැති බවට එහිදී අවධාරණය කළ මන්ත්‍රීවරයා, විජයකලා මහේෂ්වරන් මහත්මිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු තර තිබේනම් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් රැගෙන ඇගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු වන බව නොබියව ප්‍රකාශ කරන බවත් සඳහන් කළා.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සිය අදහස් දක්වා සිටි එස්.එම්.මරික්කාර් මහතා,

“අපේ ආණ්ඩුව යටතේ පමණයි මන්ත්‍රීවරුන්ට මෙහෙම කොන්ද පණ තියන් කතා කරන්න පුළුවන්. දැන් සමහර විපක්ෂයේ කට්ටිය බාල චූන් එකක් ගන්නවා. ඒගොල්ලො කල්පනා කරනවා දැන් මෙන්න හොඳම අවස්ථාව කියලා ජෝගි නටන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරපු කරුණා අම්මාන්ව ගෙනල්ලා පක්ෂයේ උපසභාපතිකම දීලා ඇමතිකම් දෙනකොට පූස් පැටව් වගේ බලන් හිටියේ.”

“පිල්ලෙයාන්ව ගෙනල්ලා නැගෙනහිර පළාතේ මහ ඇමතිකම දෙනකොට පූස් පැටව් වගේ බලාගෙන හිටියේ. නමුත් රටට ද්‍රෝහිවන ඕනෑම දෙයකට විරුද්ධ වීමේ අයිතිය අපේ ආණ්ඩුව යටතේ තියෙනවා. ඒ නිසා ඩොලර් මිලියන 7.6ක ප්‍රශ්නය මේ ප්‍රශ්නයෙන් යට ගහන්න බෑ. අපි ඒක යට යන්න දෙන්නෙත් නෑ.”

“ද්‍රවිඩ ජනතාවට දැඩි ලෙස සාධාරණය ඉෂ්ට විය යුතුයි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. නමුත් ප්‍රශ්නවලට විසඳුම් හොයන ක්‍රමය නැවත ආයුධ අතට අරන් මිනීමරු කල්ලි ගේන්න ඕනෑ කියන එක නොවෙයි. මුළු රටේම තියෙන ප්‍රශ්න අමතක කරලා උතුරට විතරක් සංවර්ධනයයි, රැකියායි ගිහින් දෙන්න බෑ.”

“උතුරේ ඡන්දවලින් විතරද ආණ්ඩුව ආවේ? මං මාසෙකට යනවා මහාභාණ්ඩාගාරයට අඩු ගාණේ පහළොස් වතාවක් විතර. සමහර වෙලාවට අපි වැඩ කරන්නේ ආයතනයේ ඉන්න ක්ලාක් ගාවට ගිහින්. මමත් මන්ත්‍රී, මමත් දිනුවා කියලා හිටියනම් මටත් ඔය කොළොන්නාවේ කරන වැඩ ටික කරන්න වෙන්නේ නෑ. දේශපාලනයේදී කලකිරීම් දරාගන්න හැකි වෙන්න ඕනේ. හොඳට ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here