මහින්දානන්ද -ආශු එකට ගැටේ – මහින්දානන්දගේ දේපල ගැන පාර්ලිමේන්තුවේදි අනාවරණයක්!

0

ඊයේ (05) පාර්ලිමේන්තුවේදි පැවති විවාදය අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ සමඟ උණුසුම් කතාබහක් ඇති විය.

මන්ත්‍රී ආශු මාරසිංහ: අපි සාකච්ඡා කරනවා පසුගිය කාලයේ වෙච්ච වංචා දූෂණ ගැන. විශාල වශයෙන් චෝදනා තියන මන්ත්‍රිවරු මේ සභාවෙත් ඉන්නවා. දැන් රුපියල් ලක්ෂ 87.75කට මිලයට ගෙන ඇති නාවල කොස්වත්ත ඉඩම, බොරැල්ල කුරුප්පු පාරේ අංක 66 දරන ස්ථානයේ පර්චස් 20. 86ක් කටුනායක ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේ තියන විඩියෝ ශ්‍රි ලංකා නමින් ඇති බදු සහන සාප්පු දෙක. මහනුවර ජෝර්ජියාද සිල්වා මාවතේ පර්චස් 12ක්, 13.5ක්, පර්චස් 18 වැන් ඉඩම් කැබලි පිහිටා තිබීම. ලක්ෂ 285 කට ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් නිවාස සංකීර්ණයේ නිවස බිරිදගේ නමට මිලයට ගැනීම. කොළඹ 7 කිංසිපාරේ නිවස, පවුම් තුන්ලක්ෂ ගෙවා එංගලන්තයේ නිවසක් මිලදි ගැනීම, උපයා ගැනීම හෙලි කිරීමට නොහැකි රුපියල් මිලියන 27 කට කොළඹ ප්‍රදේශයේ දේපලක් මිලදි ගැනීම. මේ මුදල් අවභාවිතාව තියනවා 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සතොස ආයතනයේ රුපියල් ලක්ෂ 380ක් වටිනා කැරම් බෝඩ්, නොරෙච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරිම් කරන චීන සමාගමෙන් රුපියල් මිලියන 25.4 ක කොමිස් මුදලක් ගැනීම. මේ වගේ විගණන පනතක් ආව දාට වෙන්නේ මේවා හරියට තිතට අකුරට බලපවත්වන හැටි අපිට බලා ගන්න හැකියාව තියනවා.”

පාර්ලිමෙන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ: ආශු මාරසිංහ දේපල ලැයිස්තුවක් මගේ ප්‍රකාශයට පත් කළා. මම ඒ ගැන මගේ අදහස් ප්‍රකාශ කළේ නැත්නම් හරි නෑ. මම ව්‍යාපාරිකයෙක්, දේපල හිමිකරුවෙක්. මගේ දෙමාපියන්ට තියන දේපල, මගේ අම්මාගේ තාත්තා තමයි කොත්මලේ මානිස් මුදලාලි. ඔබතුමා දන්නවා කොත්මලේ මානිස් මුදලාලි තමයි ඒ කාලයේ ලක්ෂේට කොඩි දැම්මේ. එතුමාට කොත්මලේ විතරක් තියනවා අක්කර 150ක් .රත්නපුරේ අක්කර 100ක් තිබුණා. මගේ සීයට විතරක් තියනවා ඉඩම් අක්කර 250ක්. මගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වෙන්න කලින් තේ කර්මාන්ත ශාලා 2ක් තිබුණා එතුමාට තේ තිබුණා, පොල් තිබුණා, කුඹුරු තිබුණා අක්කර සිය ගණන් තිබුණා. අවුරුදු 20 දි මම රැකියාවට ආවේ දැන් අවුරුදු 52යි. අවුරුදු 32 ක ව්‍යාපාරිකයෙක් විදියට මම උපයපු දේපල තියනවා. නොරෙච්චෝලේ කොමිස් මුදල් ගැන මොකද්ද එකක් මට අන්තිම හරියේ ඇහුනේ. මම අහන්නේ ඇයි මේ ආණ්ඩුව මේ ගැන හොයන්නේ නැත්තේ. ඔබතුමාගේ මිනිවන්ගොඩ ඉන්න අහිංසක අම්මාට කන්න නෑ. ජාපනයේ වාහන එකලස් කරලා ජපානයේ නඩුවක් තියනවා.”

මන්ත්‍රී ආශු මාරසිංහ: “මම මගේ ආරධනීය මවව මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා. ගිය අවුරුද්දේ ජනවාරිවල මගේ මව මියගියා. එවැනි මෑණියන් වෙනුවෙන් මෙතුමා මේ වගේ ප්‍රචාර කරන එකගැන මම ඉතා කණගාටු වෙනවා. මෙන්න මේ බොරුව තමයි මේ අය හැමදාම කරන්නේ. ජනතාව දැන ගන්න ඕන මේ බොරු.”

පාර්ලිමෙන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ: “රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා සෑම කොන්ත්‍රාත්කරුවෙක්ගේම 3% කොමිස් ගත්තා.”

මන්ත්‍රී ආශු මාරසිංහ: “මේ චෝදනා සියල්ල ඔප්පු කරන්න පුළුවන් මට මෙයා මේවා එලියේ කරනවා නම්. මේවා එළියේ කියන්න කියන්න. මේවා එළියේ කියන්නේ නෑ. මේ වරප්‍රසාද වලට යටවෙලා මේවා එලියේ කියන්නේ නැතුව මට නඩු තියනවා නම් මම 3% ක් ගත්තා නම් එළියේ කියන්න.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here