රාජපක්ෂලාගේ චීන ගණුදෙණු එක පිට එක එළියට…….

0

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ ගේ ගිණුමට කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චීන සමාගම වූ CICT එක් කෝටි අනූ හතර ලක්ෂයක මුදලක් බැර කර ඇති බවත් එය ද නිව්යෝක් ටයිම්ස් පුවත් පත හරහා අනාවරණය කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

ඊයේ (06) කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

තමා මේ චීන අල්ලස් පිළිබඳ චෝදනා වලට පිළිතුරු නීතිඥ නාමල් රාජපක්ෂගෙන් හා මහින්ද රාජපක්ෂගෙ බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර සිටියා.

කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චයිනා හාබර් සමාගමට අයත් චීන සමාගමක් වූ CICT සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය විසින් පවත්වාගෙන යන පදනමට රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් පමණ මුදලක් ආධාර මුදලක් වශයෙන් HSBC බැංකුවේ චෙක්පතකින් 2012 05 මස 21 වැනිදින ගෙවා ඇත.

ඒ අනුව පුෂ්පා රාජපක්ෂ පදනමට අයත් මහජන බැංකුවේ ප්‍රධාන කාර්‍යාලයේ ඇති ගිණුමට (19,410,000) මුදල බැරකර තිබේන අතර එම ගෙවිම කර ඇත්තේ Colombo International Container Terminals (LTD) ගිණුම හරහාය.

එම චෙක්පත පහතින්,

dav

CICT හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පත මඟින් එම මුදල ගෙවා තිබේ. මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204 – 1 – 001 – 0003290ට එම මුදල බැරවීම සඳහා ලබාදී තිබුණ අතර එම සමාගම එම මුදල ආධාරයක් වශයෙන් පරිත්‍යාග කල බවට පෙන්නුම් කලද එය දකුණු වරාය සංවර්ධන කිරීම සඳහා දරන ලද වියදමක ලෙස ගිණුම් ගත කර ඇති බව විගණන වාර්තා සඳහන් කරනවා.

මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධාන අරමුදලට දකුණු වරාය සංවර්ධන කටයුතු බාරගත් චීන සමාගම වූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම විසින් වරාය සංවර්ධන වියදම්වලට එකතු කර ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය 2016 මාර්තු 01 වැනිදින POS/A/SLPA/2016/4 යටතේ විමසා තිබේ.

දකුණු වරාය පර්යන්ත බහාලුම් මෙහෙයුම් සංවර්ධන කටයුතු සඳහා වසර 35කින් ආපසු ගෙවීමේ පදනම මත CICT සමාගම 2013 ජූලි 13 වැනි දින මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

ජනතාවගේ බදු මුදලින් පඩි අරගෙන බොරුවට ජනතා සේවයක් ඇති කරන බව පවසා දේශපලනයට පිවිස තම හත් මුතු පරම්පරාවේ මඩිය තර කර ගන්නා දේශපාලඥයන් හට තවදුරටත් අනාගතයක් නිර්මාණය කරනවා ද යන්න ඡන්ද දායකයින් සිය වතාවක් කල්පනා කළ යුතුය. එසේම තම ස්වේච්ඡා සංවිධානයේ නාමයෙන් ලබා ගන්නා කෝට් ප්‍රකෝටි මුදල ජනතාවම නැවත ගෙවිය යුතු මුදලක් බවට පත් කොට ගිණුම් ගත කොට අත පිහිදා ගන්නා මෙවන් දේශපාලුවන්ට කඩේ යාම, ඔවුන් වෙනුවෙන් ගොනාට ඇදීම, බර කර ගැසීමට ද ජනතාවට නියම කාලය එළඹි ඇත. තීරණය ඔබ සතුය.

dav
dav
dav
dav

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here