නිව්යෝක් ටයිම්ස් ගැන මහින්ද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුයි!

0

නිව්යෝක් ටයිම්ස් පුවත විසින් සිදු කළ චෝදනා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (06)  පාර්ලිමේන්තුවේදි අගමැතිවරයා මේ බව පවසා සිටියේ  ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන විසින් කළ නෙත් එෆ්. එම්. නාලිකාවට පොලිසිය තර්ජන කරන බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමිනි.

අපේ රජය මාධ්‍ය නිදහස ඇති කළා වගේම එය රැක ගන්නවා. මේක නෙත් එෆ්. එම්. පුවතක්‌ ගැන ලද පැමිණිල්ලකට ක්‍රියාත්මක වීමක්‌. මාර්තු 19 වැනිදා බැලුම්ගල වැඩසටන පිළිබඳ වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ලිත පැමිණිල්ලක්‌ කර තිබෙනවා. ඒ ගැන වැඩසටහන මෙහෙයවූ චිරාන් ජිවන්ත සහ චාමික රංජිත් බණ්‌ඩාර දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ ගැන මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තවත් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ඉල්ලා තිබෙනවා. නෙත් එකට අපි මැදිහත්වෙලා නෑ. මාධ්‍යවේදීන්ට තර්ජනය කරන එකට අපි විරුද්ධයි. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ කර්තෘට තර්ජනය කරලා තියෙනවා.

දිනේෂ් ගුණවර්ධන – එදා නෙත් එෆ්. එම්. එකට දුරකථනයෙන් කතා කළ ශ්‍රාවකයන්ගේ ඇමතුම් පවා පටිගත කරලා. ගීයක්‌ ඉල්ලලා ඇමතුමක්‌ දුන් කාන්තාවකට පොලිසිය තර්ජනය කරන්නේ කොහොමද?

අගමැති – මම ඒක දන්නෙ නෑ. ඒ ගැන සොයා බලන්නම්. මහින්ද රාජපක්‍ෂ මහතා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ චෝදනාව ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්‌ කළා නම් ඉවරයිනෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here