දකුණේ තියෙන්නේ හිට්ලර් පාලනයක්….අපේ නායක ප්‍රභාකරන් හිට්ලර් එක්ක සසදන්න බෑ!

0

කවුරුන් කැමති වුවත් නැතත් හිට්ලර් තම භූමිය වෙනුවෙන් සටන් කළ බව තමන් පිළිගන්නා බවත් ඔහු දෙමළ ජනතාවට සේවය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයකලා මහේස්වරන් පවසනවා.

යාපනයේ සිට ක්‍රියාත්මක වන DAN TV නාලිකාව සමඟ දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරිය මේ බව පවසා තිබෙනවා.

“මට යුතුකමක් තියෙනවා මගේ ජනතාවට සේවය කරන්න . ජනතාව විසින් තෝරා පත් කර ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදියට එහෙම කරන්න බැරිවුනොත් මම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තියෙන වරප්‍රසාද කඩකිරිමක්. මගේ හිතේ තියෙන වේදනාව කියන්න මට අයිතියක් තියෙනවා.මාධ්‍ය හරහා තමයි ප්‍රශ්නේ එළියට එන්නේ.”

” හැබැයි රංජන්ට මාධ්‍ය ඉදිරියේ මේක ගේන්න ඕන නැහැ.මිත්‍රකමටයි මම දුරකථනයට ප්‍රතිචාර දැක්වුයේ. හැබැයි එතකම් මම දන්නේ නැහැ එයා SPEAKER දාලා මාධ්‍ය ඉදිරියේ ගත්තා කියලා. මේක පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙකුට තියෙන වරප්‍රසාද කඩකිරිමක්. එයා මට ද්‍රෝහිකමක් කළා. කාන්තාවකට ද්‍රෝහිකමක් කළා.හිට්ලර් එක්ක අපේ නායක ප්‍රභාකරන්ව සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘර නැහැ. ඔයාලා කැමති හෝ අකැමැති වුනත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කලා කියලා අපි පිළිගන්නවා.අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.”

“ඔහුගේ ඉතිහාසය ඉදිරි පරම්පරාව අධ්‍යනය කරයි. දකුණේ සිද්ධවෙන්නේ හිට්ලර් පාලනයක් තමයි. උතුරේ අපිව තියාගෙන ඉන්නේ ඡන්දෙට විතරයි. හැබැයි හිට්ලර්වයි , ප්‍රභාකරන්වයි එක තරාදියේ දාන්න බැහැ. එයා සම අයිතියෙන් ජිවත් වෙන්න ඕන කියන එක වෙනුවෙන් සටන් කළේ.”

“අපි බහුතර ජාතීන් එක්ක එකතුවෙලා ජීවත්වෙන්න අපි සූදානම් වෙලා ඉන්දැද්දිත් ඔයාලා අපිට විසදුමක් දුන්නේ නැහැ. ජනතාව ඡන්දේ දීලයි මම ආවේ . ඒ නිසා මගේ පාර්ලිමේන්තු ගමන නවත්නන්න බැහැ.”