ආණ්ඩුව වැනි වැනි ගිහිල්ලා රට වැනෙන තැනට දැම්මා….හරි මග, වියත් මග හරහා මහින්ද චින්තයෙන් අලුත් රටක්!

0

වත්මන් යහපාලනයේ නායකයන්ගේ අදූරදර්ශි ක්‍රියා පිළිවෙළ නිසා රට ඉබා ගතේ යන බවත් නව ආණ්ඩුවක් තුළින් මහින්ද චින්තනය ඉදිරියට ගෙන යාම තම අරමුණ බවත් හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

‘හරි මග’ සංවිධානයේ මංගල රැලිය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පොළොන්නරුවේදි මේ බව සඳහන් කළා.

“2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවේ මහින්ද චින්තන වැඩපිළිවෙළ ඉදිරිපත් කරමින්. අවුරුදු 10 ට ආසන්න කාලයක් මේ රටේ තිබුණු අභියෝගවලට මහින්ද චින්තනය යටතේ අපි විසඳුම් සෙව්වා. එතුමා ආපසු බලය ගත්තු අවස්ථාවේම තිබුණු ලොකුම අභියෝගය අවුරුදු 30ක් විවිධ ආණ්ඩු යටතේ විවිධ ජනාධිපතිවරු යටතේ දිගින් දිගටම පැවැති ඒ ත්‍රස්තවාදය. එතුමාගේ ඒ නිසි නායකත්වය නිසා, සැලසුම් නිසා රණවිරුවන්ට නායකත්වය දෙමින් කෙටි කාලයක් තුළ ඒ ත්‍රස්තවාදය අවසන් කරල මේ රටට නියම සාමය ලබාදීලා රට සංවර්ධනය කරන්න පුළුවන් වුණා.”

“එහෙත් යම් යම් අසත්‍ය තොරතුරු ජනතාව ඉදිරියට ගෙනල්ල විශේෂයෙන්ම මේ රටේ දෙමළ, මුස්ලිම් ජනතාව අතර බොරු කතා පතුරවලා ජනාධිපතිතුමා ඔවුන්ව එරෙහි කිරීම නිසා එදා ගෙනගිය සංවර්ධන වැඩපිළිවෙළ අතරමඟ නතර කරන්න සිදුවුණා.”

“මේ රටට ප්‍රජාත්‍රන්ත්‍රවාදය හඳුන්වා දුන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ත්‍රස්තවාදයත් පාතාලයත් තියෙනකොට කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න බැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවුරුදු 40ට ආසන්න දේශපාලන ජීවිතයේ සෑම විටම සටන් කළේ ජනතාව වෙනුවෙන්. ඒ අනුව එතුමාට පුළුවන් වුණා මේ රටේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සාමය ඇතිකරල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න.”

“ඒ සාමය රටේ ඇති කරපු නිසා තමයි එතුමාට පුළුවන් වුණේ සියලුම රටවල්වලින් ආධාර අරගෙන රටේ සංවර්ධනයට මූලික අඩිතාලම දමන්න. එතුමා ඇති කරපු සංවර්ධනය පමණක් නෙවෙයි අපේ රටේ ඇති කරපු නීතිය, සාමයත් දැන් නැතිවෙලා. රටේ සංවර්ධනය ඇනහිටල. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ වැනි ව්‍යාපෘති අද වෙනත් රටවල්වලට විකුණල. අපි මේ යටිතල පහසුකම් ඇති කළේ ඉතාමත් සැලසුම් සහගතව. ඒව නිසියාකාරව සමීක්ෂණ කරලා ඒවායින් රටට ප්‍රයෝජනයක් තියන නිසා තමයි ඒවා ඇති කළේ.”

“මෙවැනි අදූරදර්ශී නායකයන්ට කෙළින් තීරණයක් ගන්න බැහැ. සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බැහැ. එම නිසා මේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම මේ රජය කෙරෙහි කලකිරිල ඉන්නෙ. මෙවැනි තත්ත්වයකට මේ රජය ඉතාම කෙටි කාලයකින් පරිහානියට යෑමට හේතුව මේ ආණ්ඩුව බලයට ආපු දවසෙ ඉඳලා පළිගැනීමේ චේතනාවෙන් වැඩ කරපු නිසා. මේ රට සංවර්ධනය කරන ප්‍රතිපත්තියක් ගැන කවදාවත් කථා කරන්නේ නැහැ. කඩා වැටිච්ච ආර්ථිකය ගොඩගන්න හැටි කවදාවත් කථා කරන්නේ නැහැ. ඒ වගේ වෛරී දේශපාලනයක් මේ ආණ්ඩුවේ තියෙන්නෙ.”

“අපිට අවශ්‍ය වුණා නිවාස 50,000ක් හදන්න. අපේ කාලය තුළ නිවාස 20,000ක් පමණ හදන්න පුළුවන් වුණා. අපි ඒ සැලැස්ම ක්‍රියාත්මක කළා නම් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නිවාසයක් ලැබෙනවා. මෙවැනි ජනතා හිතවාදී වැඩපිළිවෙළක් මහින්ද චින්තනය යටතේ තිබුණා.”

“සමහරු කියනවා මහින්ද රාජපක්ෂ ණය ගත්ත කියල. අපේ රටේ සල්ලි උපද්දවන්නේ නැහැ. රට සංවර්ධනය කරන්න ණය ගන්න ඕන. එතුමා විවිධ බලපෑම් සහිත ණය ගත්තෙ නැහැ. කිසිම කොන්දේසියක් නැතුව තමයි ණය ගත්තෙ. අද ජාත්‍යන්තරයෙන් ගන්න ණයවලට කොන්දෙසි තියෙන නිසා තමයි ජනතාවගේ කර මත බදු බර පැටවිලා තියෙන්නෙ. අපි අලුත් ආණ්ඩුවක් බිහි කරනව පමණක් නොවෙයි ඒ නැවතුණු සංවර්ධනය ‘මහින්ද චින්තනය’ යටතේ ඉදිරියට ගෙනියනවා. ඒ නිසා තමයි අපි මේ රටේ විද්වතුන් ව්‍යවසායකයන් වියත්මඟ හරහා එකතු කර ගන්නෙ. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ ඉදිරියේදී බලයට ගෙනාවම මේ රට සංවර්ධනය කරන්න මහින්ද චින්තනය ඉදිරියට ගෙනියන්නට සැලසුම් ඕනෑ. ඒ සැලසුම් අපි ‘වියත්මඟ’ හරහා සකස්කර ගෙන යනවා.”

Gotabhaya Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here