මහින්ද රාජපක්ෂ කාලේ උතුරේ සාමය තිබුණා…..කුඩු තිබුණෙත් නෑ…පාතලය තිබුණෙත් නෑ….!

0

පසුගිය රජය සමයේ උතුරේ සාමය තිබුණ බවට හොඳම සාක්ෂිය විජේකලා මන්ත්‍රිවරියගේ ප්‍රකාශය බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසනවා.

අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“යහපාලන ආණ්ඩුවෙන් චිත්‍රපටියක් හැදුවා සංහිඳියාව. ප්‍රධාන නිලිය විජේකලා. චිත්‍රපටය එළියට එන්න කලින් විජේකලා එළියට පැන්නා. විජයකලා දරුවන් සමඟ ලන්ඩන් යනවා තෑග්ගත් ඇවිල්ලා. දැන් මේ ප්‍රකාශය කොහොමට තියේවිද ලංකාවේ දකුණේ හෝ වෙන තැනක සිටියාවති කිව්වා නම්. සිරියාවතිත් කූඩුවේ, සිරියවතිගේ අම්මාත් කූඩුවේ. සිරියාවතිගේ දුරකතනය අරගෙන දුරකතන සංවාද පැවැත්වූ අය ඔක්කෝමත් හිරේ. රන්ජන් රාමනායක එක්ක දුරකතන සංවාදය වෙන කොට ඇය කියනවා මෙම ආණ්ඩුව ආවට පස්සේ කුඩු විශාල වශයෙන් උතුරු ප්‍රදේශයේ තියනවා. දේශපාලන නායකයෝ තමයි කුඩු ගෙනියන්නේ. අපි ඔබෙන් අහනවා 2009 මැයි මාසේ 19 වෙනිදා ඉදන් මේ ආණ්ඩුව 2015 ජනවාරි 9 රට බාර ගන්නකම් විජේකලා මෙවන් ප්‍රකාශයක් කළාද? 2009 ඉදන් 2015 වෙනකම් ඒ ප්‍රදේශ වල මිනිස්සුන්ට සාමයෙන් ජීවත් වෙන්න හැකියාව තිබුණා කියලා තමයි ඇය වක්‍රාකාරව කියන්නේ. දැන් නම් ඉතින් දෙයියනේ කියාල කුඩු වලින් ආප්ප පුච්චන්න පුළුවන්, රොටි හදන්න පුළුවන්. පිට්ටු හදන්න පුළුවන්. ඒ තරමට කුඩු තියනවා. අනිත් පැත්තෙන් පාතාලය,” මන්ත්‍රිවරයා සඳහන් කළා.