අගමැතිගේ සිංගප්පූරු සංචාරය තවත් හොරා කන්න කුරුමාණමක්!

0

සිය සිංගප්පූරු සංචාරයේදි අගමැතිවරයා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රහසිගතව හමු වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

” අපිට තියන තොරතුර් අනුව මේ සංචාරයේදිත් අග්‍රාමාත්‍යවරයා අර්ජුන මහේන්ද්‍රන් ව මුණ ගැසීමට නියමිතයි රහසිගතව. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයාට බලය ගත්තා පනතක් මගින් ලංකාවේ මුළු ණය බරෙන් 10% ක් තමන්ට අභිමත ආකාරයට ණය ගන්න. ඕනෑම විදේශ මූල්‍ය ආයතනයකින්. අපිට දැන ගන්න තියන විදියට අර්ජුන මහේන්ද්‍රන් තමයි තිරයේ පිටිපස්සේ ඉදලා ඒ අලුත්ම ණය ගන්න විදිය පාලනය කරන්නේ. හදිස්සියේම සිංගප්පූරුවට යන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව හම්බවෙලා ඊට අවශ්‍ය කරුණු සාකච්ඡා කරන්න. ඒනිසා අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවට කරලා තියා ගන්න විතරක් නෙමෙයි අර්ජුන මහේන්ද්‍රන් හරහා හොරා කන්න ව්‍යාපෘතියක් තමයි මේ සිංගප්පූරු සංචාරය හරහා සිද්ධ වෙන්නේ,”  මන්ත්‍රිවරයා පවසා සිටියා.

Wimal Weerawansa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here