මහින්දට තියෙන්නේ මෝඩ තර්ක…., හොරකම් කරපුවා ඔප්පු කළොත් බෙල්ල කපා ගන්නාවා කිව්වේ ජනතාව අන්දන්න

0

මේ රටේ මාධ්‍ය නිදහස පිළිබදව ජාත්‍යන්තරයර්ට තිබු අඳුරු සිතුවිලි ඉවත් කිරීමට වර්තමාන රජය සමත් වීවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නැවතත් රට 2015න් පෙර යුගයට ඇදගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් පවසනවා.

සිරිකොට පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරියට තර්ජනය කළ අයුරින්ම තම පාලන සමයේ ද මාධ්‍යවේදීන්ට තර්ජනය කළ බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“රාජපක්ෂ පාලන යුගයේදී මාධ්‍යවේදීන් 11ක් අතුරුදන් වූවා. ලසන්ත වික්‍රමතුංග මහ දවාලේ මහමඟ මරා දැම්මා. අදත් මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කරන්නේ මේ රට ආපසු ඒ අඳුරු යුගයට ගෙන එන්නයි. බැඳුම්කර සිද්ධියේදී බැඳුම්කර කොමිසම බලාපොරොත්තු වූයේ අගමැතිතුමාගෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා ගන්නයි. නමුත් එතුමා කොමිසම ඉදිරියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී කොමිසමේ කටයුතු පහසු කළා. එක්සත් ජාතික පක්ෂයේ විනය කාටත් එකයි. මලික් සමරවික්‍රම, විජයදාස රාජපක්ෂ, රවි කරුණානායක ඇමැතිවරුන්ට විනය එක ලෙස ක්‍රියාත්මක වූවා. එහෙත් මහින්ද රාජපක්ෂ පාලන යුගයේ විනය ඒ ආකාරයට ක්‍රියාත්මක කළාද?”

“රූපවාහිනියට කඩාපැන්න, නිලධාරීන් ගස් බැන්ද මර්වින් සිල්වාට නීතිය ක්‍රියාත්මක කළාද. බිරිය දූෂණය කර ඇගේ සැමියා මරා දැමූ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට එරෙහිව විනය පියවර ගත්තාද? ඇතැම් අයට අද මේවා අමතකයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත පිළිබඳව එම පුවත්පතට එරෙහිව නඩු පවරනවා දැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු අපූරු පිළිතුරක් දී තිබුණා. මම මොකටද නඩු පවරන්නේ. මම එහෙන් ඡන්දේ ඉල්ලනවා දැයි එතුමා පවසා තිබුණා. එහෙම කියපු එතුමා තවත් තැනක පවසා තිබුණේ එක ඩොලර් එකක් හරි ගත්තා කියා ඔප්පු කළොත් බෙල්ල කපා ගන්නවා කියලයි. එතුමා බෙල්ල කපාගන්න වුවමනා නැහැ. මෝඩ උත්තර නොදී එතුමාගේ ඇමෙරිකා පුරවැසිකම් හිමි සහෝදරයෝ දෙන්නා ලවා පිළිගත හැකි ප්‍රකාශයක් කරන්න තිබුණා.”