පහුගිය ආණ්ඩුව ඇත්තටම හොරකම් කළා නම් දැන් ආණ්ඩුව විමර්ෂණ විතරක් කරලා නවතින්නේ නෑ…කෙලින්ම හිරේ

0

පසුගිය ආණ්ඩුව සැබැවින්ම වැරදි කොට තිබුණා නම් වර්තමාන ආණ්ඩුව මෙතරම් විමර්ෂණ සිදු කරමින් නොසිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍ රාල් පවසනවා.

ඊයේ (10දා) බස්නාහිර පළාත් සෞන්දර්ය ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකට වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

“පසුගිය වසර තුනහමාර තුළ අප දැක්කේ සංවිධානාත්මක පළිගැනීම්. එහි අඩුවීමක් නැහැ. ව්‍යාජ පැමිණිලි දමමින්, මාධ්‍ය ඒකකයකුත් ක්‍රියාත්මක කරමින් අසවලාගෙන් ප්‍රශ්න කරන බවට කලින්ම ප්‍රකාශ කරනවා. චරිත ඝාතනයක් කිරීම පමණයි එහි අරමුණ. ඒ වගේම පොලිසියේ සමහර අයත් මේවට සම්බන්ධ වෙනවා.”

“පසුගිය ආණ්ඩුවට කිට්ටුයි කියන අය ඉලක්ක කරලයි මේක ක්‍රියාත්මක වෙන්නෙ. එහි අරමුණු දේශපාලනිකව ඔවුන් නිහඬ කිරීමයි. අපි මේවා හෙළා දැකීම පමණක් ප්‍රමාණාත්මක නැහැ. විරුද්ධව කටයුතු කළ යුතුයි.”

“එෆ්.සී.අයි.ඩී.ය නීත්‍යනුකූල නොවන බව සරත් එන්. සිල්වා වැනි නීති විශාරදයන් ප්‍රකාශ කරනවා. දේශපාලන නායකත්වය විසින් එම ආයතනය ක්‍රියාත්මක කරවනවා. පොලිසියෙන් කෙරෙන්න ඕන දෙයක් දේශපාලනඥයන් කරන්න පටන් ගැනීම වැරැදියි. ඒ තුළින් නීතියේ ආධිපත්‍යය කඩා වැටෙනවා.”

“අපි ‘යුක්තියට හඬක්’ ලෙස සංවිධානගත වුණේ අපි ගැන හිතල නෙවෙයි. අපට සල්ලි හොරා කෑවා කියලා චෝදනා නැහැ. ඒ නිසා තමයි බය නැතිව මාධ්‍ය ඉදිරියට එන්නෙ. හෙජිං ගිවිසුම ගැන නඩුවක් විභාග වුණා. නීතියට පිටින් කිසිවක් කර නැති බවට ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රී පවන් මහත්තයා නියෝගයකුත් දී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පවත්වන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුවයි කටයුතු කළේ. ඒක ගැන හිටපු අධිපති එෆ්.සී.අයි.ඩී. යට පැමිණිලි කළා. නමුත් අද ඔහු රටෙත් නැහැ.” ඔහු පවසා සිටියා.