මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දෙන්න ජනපති සූදානම්!

0

එක් වරක් නොව දෙවරක් මත්කුඩු ජාවාරමේ ඉරතව සිටින පුද්ගලයන්ට එරෙහිව වහාම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවේදි සඳහන් කළා.

“ඊයේ කැබිනට් මණ්ඩලයේදි ඒකමතිකව තිරණය කර ගත්තා මත්කුඩු වලට සම්බන්ධ අයට මරණ දඩුවම දෙන්න. ඒකජනාධිපතිතුමා යෝජනා කළේ ප්‍රතිපත්තියක් වශයෙන් මම මරණ දඩුවමට විරුද්ධයි. ලෝකයේ හොයා ගෙන තියනවා මරණ දඩුවම දුන්නා කියලා අපරාධ අඩු වෙලා නෑ කියලා. හැබැයි ඒ ලෝකයේ හැම රටක්ම මරණ දඩුවම දීලා තියනවා මත්කුඩු ජාවාරම් කරුවන්ට. මත්කුඩු වලට අහුවෙලා හිරේ ඉන්න පුද්ගලයා තමයි දැන් දවස් දෙක තුනකට ඉස්සල්ලා අහුවෙච්ච කෝටි 150 ක මත් කුඩු ගෙන්නලා දුන්නේ. නැවතත ඒ අය කුඩු ගෙන්නන්නේ ඇතුලේ ඉදගෙන. ඒ අය ගැන අපි විශේෂ තීන්දුවක් ගන්න ඕන. ජනාධිපතිතුමා කිව්වේ 19 දෙනෙක් හදුනාගෙන තියනවා ලංකාවට මත්කුඩු ගෙනල්ලා. මේ 19 දෙනාට ගන්න තින්න්දුව ඔවුන්ව එල්ලා මැරීම කියලයි ජනාධිපතිතුමා කිව්වේ. ජනාධිපතිතුමා කිව්වා මරණ දඩුවම ක්‍රීයාත්මක කරන්න මත්කුඩු ජවාරමට සමබන්ධ වෙලා ඇතුලට ගිහිල්ලා නැවත මත්කුඩු ජාවාරමට සම්බන්ධ අය. ඒ ලැයිතුව දෙන්න වහාම අත්සන් කරනව කියලා.” අමාත්‍යවරයා සඳහන් කරනවා.