මානවහිමිකම් ක්‍රියාකරුවන් පිටුපස හදුනා නොගත් සංවිධානාත්මක කල්ලියක්!

0

ජනසංසදයේ, මානව හිමිකම් ක‍්‍රියාකාරිණී අමිතා ප‍්‍රියන්ති මානව හිමිකම් ක‍්‍රියාකාරණිය ට සංවිධානාත්මක කල්ලියක් විසින් පසුගිය 06 වෙනිදා පහර දි ඇයගේ ජංගම දුරකතනය හා වටිනා ලියවිලි පැහැර ගෙන තිබෙනවා.

2018 ජූලි 06 වන දින, පස්වරු 6.00 ට , අලූත්ගම, මොරගල්ල, 6 වන පටුමග හි සිය නිවස බලා යමින් සිටයදී, සම්පූර්ණයෙන් ඇඟ වැසෙන පරිදි කලූ ඇඳගත් හා මුළුමණින්ම ආවරණය වන පරිදි හෙල්මට් පැළඳි යතුරුපැදි කරුවන් දෙදෙනෙක්, ඇය අසල නවත්වා ඇති අතර පිටුපසින් පැමිණි පුද්ගලයා බැස, ඇය අසලට ගොස් හිසට වේගයෙන් පහරදී, අත තිබූ බෑගය පැහැර ගෙන ඇත.
එහි වැදගත් අධිකරණ කටයුතු වලට අදාළ ලියකියවිලි හා ඇයගේ ජංගම දුරකතනය තිබු බවයි ඇය සඳහන් කළේ.

අමිතා ප‍්‍රියන්ති මහත්මිය ඒ සමඟම ඇයගේ සැමියා සමඟ පොලිසියට ගොස් පැමිණිල්ලක් කොට තිබේ. අංක MIB/381/19 යටතේ පොලිසිය විසින් එම පැමිණිල්ල භාර ගෙන ඇත.

අමිතා ප‍්‍රියන්ති, වසර 2000 තම සොහොයුරා පයාගල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන වධ ධී මරා දැමීම සම්බ්න්ධයෙන් යුක්තිය උදෙසා කි‍්‍රියාකාරිනිය වූ තැනැත්තියයි. ඇය ජනසංසදයේ නීති කටයුතු සම්බන්ධීකරණය කරන අතර, වින්දිතයන් බල ගන්වමින් සියලූ සම්බන්ධීකරණ කටයුතුවල නිරත වන්නියකි. මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනවලදී ජනසංසදය නියෝජනය කරමින්, වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීමද ඇය සිදු කරනු ලබයි. එමෙන්ම ඇයගේ සොහොයුරාගේ මරණය අදාලව දැනට කළුතර මහාධිකරණයේ පවතින මිනීමරුම් නඩුව අදාල සියලූම සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ඇයයි. මෙම සිද්ධිය අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද ‘‘ශ‍්‍රියාණි එරෙහි ඉද්දමල්ගොඩ ඇතුළු තවත් අය’’ මූලික අයිතිවාස්කම් නඩුවේ තීන්දුව මුලික අයිතිවාසිකම් වල ස්ථාවරත්වය සහතික කරන ලද්දකි. මෙම සිද්ධියට අදාලව පවතින මනීමැරම් නඩුවේ චූදිත පයාගල පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික‍්‍රමරත්න අධිකරණය මගහරිමින් සැඟවි සිටී. එම නඩුව ඇසීම ඒක පාර්ශිකව සිදු කෙරේ.

පසුගිය 2018.06.03 නඩු වාරයේදී, මෙම චූදිතයාගේ ඇපකරුවූ ඔහුගේ බිරිඳ අධිකරණයට කැඳවා ඇය විසින් පොලිස් ස්ථානවලට හා අධිකරණවලට කර ඇති ව්‍යාජ ප‍්‍රකාශ අදාලව විමසීමක් කිරීම ආරම්භ කොට ඇත.

මෙම සියලූ කාර්යයන් වලට උරදෙන්නේ අමිතා ප‍්‍රියන්තියි. මෙයට අමතරව ජනසංදය සම්බන්ධිකරණය කරනු ලබන අනෙකුත් සියලූම මූලික අයිතිවාස්කම් නඩු, මහාධිකරණ නඩු, දිසා අධිකරණ නඩු,හා මහේස්ත‍්‍රාත් උසාවියේ පවතින නඩු වල සියලූ කටයුතු සොයා බලා නීතිඥවරුන් හා එක්ව සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ඇයයි. එපමණක් නොව එම විභාග පවතින අවස්ථාවල දි වින්දිතයා සමග අධිකරණයේ පෙනිසිටි. මෙම පසුබිම තුළ ඇය ට ශාරීරික හානි සිදුකර, ජීවිතයට තර්ජනය කිරීමට අවශ්‍ය වන්නේ ඉහත නඩුවල වගඋත්තරකරුවන් හා චූදිතයින්ටය.

2018.06.03 දින කළුතර මහාධිකරණයේ හිටපු පොලිස් පරික්ෂක වික‍්‍රමරත්න ට එරෙහි මිනීමැරිමේ හා වධහිංසා පනත යටතේ චොදනා මත ඔහු නැතිව නඩුව විභාගයට ගත් අවස්ථාවේ, ඇපකාරියවු චුදිතගේ බිරිඳ අධිකරණයට කැඳවීම ආසන්නතම සිදුවිම වේ.

අමිතා ප‍්‍රියන්ති පානදුර, ජනසංසදය කාර්යාලය ඉදිරිපිට සිට අලූත්ගම මොරගල්ල දක්වා පසු පසු හඹා ගොස් සිදුකරන ලද මෙම අපරාධය ඉතා පළපුරුදු අයවලූන් විසින් කරන ලද්දකි. පානදුරයේ සවිකර තිබු අංක තහඩුව මොරගල්ලේදි වෙනස්ව තිබින.

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කර ගත් යතුරුපැදි කරුවන් පානදුර, වාද්දු, කළුතර උතුර, කළුතර දකුණ, පොලිස්ථාන නිරුපද්‍රිතව පුසකර ගොස් ඇති ආකරය පිළිබඳව අවධානය යොමු කරමු.

මෙය අමිතා ප‍්‍රියන්ති මානවහිමිකම් ක්‍රියාකාරිණියට කරන ලද්දක් නොව, වින්දිතයින් බලගන්වමින් නීතිමය පියවර ගැනිමට ශක්තිය ලබාදෙන සියලූම මානව හිමිකම ක‍්‍රියාකාරීන්ට එල්ලකරන ලද පහරකි. අනතුරු ඇඟවිමකි. මෙය පොදු තර්ජනයකි. මානව හිමිකම් ක‍්‍රියාකාරින් නිහඬ කිරිමට ගත් අසාර්ථක උත්සහයකි. මෙය පසුගිය සමයේ ”සුදු වෑන්’’ සංස්කෘතිය සිහියට නංවමින්, ‘‘කළු ඇඳගත් පුල් ෆේස් හෙල්මට් යතුරුපැදි කරුවන්’’ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම් වලට වගඋත්තරකරුවන් වා හා චුදිතයින්ව සිටින විශේෂයෙන් පොලිස් නිලධාරින් ගේ ආදේශ කිරීමක් ලෙසට හැඳින්වීම නිවැරදිය.