මහින්දගෙන් ලෝකයක් අපිට නෑ….අනිත් රාජපක්ෂලා ගැන කතා කරන්න එපා….!

0

රටට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බවත් තමා දන්නා එකම ප්‍රජාතන්ත්‍රවාදී නායකයා මහින්ද රාජපක්ෂ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම සඳහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“සාකච්ඡාවේදි විවිධ ප්‍රශ්න මතු වුණා. ආණ්ඩුව අල්ලන්න කොහොමද ආණ්ඩුව පෙරලන්න කොහොමද  කියන එක. මොකද අපිට ඕන මහින්ද රාජපක්ෂ මේ රටේ රාජ්‍ය නායකයා කරන්න. අන්න ඒක නිසා ආණ්ඩුව පෙරලන එක තමයි අපේ මූලික පරමර්ථය. අපිට ලොකු මහින්ද මහත්තයා. අපේ ඔලුව උඩ ඉන්නේ මහින්ද මහත්තයා. මහින්ද මහත්තයාගෙන් තොර ලෝකයක් අපිට නෑ.”

ඉන්ධන මිලත් අද රාත්‍රියේ ඉදලා වැඩි වෙනවා?

“ඒවා ඔක්කොම මහින්ද මහත්තයාව ඉදිරියට ගේන්න දෙවයන් වහන්සේ විසින් කරන දේවල්.”

දැන් මහින්ද මහත්තයා ආවොත් ඉන්ධන මිල අඩු කරනවා ද?

“මහින්ද මහත්තයා ආවාම ඉන්ධන මිල විතරක් නෙමෙයි මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න අවස්ථාව හදලා තියනවා. මහින්ද මහත්තයා කියන්නේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයෙක්.”

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව එළියට ගේනවාද?

“අපිට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. මම කිව්වානේ එතනින් එහාට කෙනෙක් නෑ කියලා. ඒ කියන්නෙ අනිත් අය ගැන කතා කරන්න එපා.”

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කැමති නැද්ද?

“මගේ අකමැත්තක් නෑ. ඒ අයටත් ආන්ඩුවේ පාර්ශවයන් වෙන්න පුළුවන් හැබැයි නායකයා වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here