නව ව්‍යවස්ථාවකට මේ හොඳම කාලයයි!

0

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩුවේ සිටින මේ කාලය තරම් හොද කාලයක් නැවත උදා නොවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් පවසනවා.

එක්සත් වාමාංශික පෙරමුණ විසින් සංවිධානය කළ නව ව්‍යවස්ථා වැඩපිළිවෙළ හා 20 සංශෝධනය සම්බන්ධයෙන් මාගම්මන සණස රැස්වීම් ශාලාවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“1956 බණ්ඩාරනායක ආණ්ඩුව සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරගත්තා. 1970 සිරිමාවෝ ගේ ආණ්ඩුව බුද්ධාගමට ප්‍රථම ස්ථානය දුන්නා. නමුත් දෙමළ ජනතාව එය පිළිගත්තේ නැහැඑදා එල්ටීටීඊ කාලයේත් ජාතික ගැටලුව සඳහා යෝජනා ඉදිරිපත් කළා. දැන් අප ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් රජය මේ රටේ යුද්ධයක් නැහැ කියා නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා.”

“චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව 1998දී නව ආණ්ඩුක්‍රම පනතක් පාර්ලමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් එය අනුමත කළේ නැහැ. අපි කියන්නේ අපට වෙනම රාජ්‍යයක් අවශ්‍ය නැහැ. අපගේ යෝජනා සලකා බලා විසඳුමක් දෙන්න කියා පමණයි.”

“1957 සිට අපි මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න උත්සාහ කළා. නමුත් ඊට විපක්ෂය විරුද්ධ වුණා. දැන් ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩුවේ සිටිනවා. මෙය හොඳම අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක් නැවත ඉදිරියේ ඇතිවන්නේ නැහැ.”

“අපි දියුණු වෙන්න ඕන නම් රට ඉදිරියට යෑමට අවශ්‍ය නම් විසඳුමකට එන්න ඕනෑ. 20 වැනි සංශෝධනයට අපි සහාය ලබාදෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here