එල්.ටී.ටී.ඊ.යේ නැඟිටීමක් උතුරේ නෑ…විපක්ෂ්ය බොර දියේ මාළු බානවා….!

0

එජාපයේ නායකයන් ගණනාවක් ඝාතනය කළ එල්.ටී.ටී.ඊ.යට යළි හිස එසවීමට නොහැකි ලෙස හමුදාවේ ආරක්ෂාව උතුරේ තරකර ඇති බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

ඊයේ (12) සිරිකොත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂය කියන ආකාරයට උතුරේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් කර නොමැති බවත් උතුරේ සිටින සීමිත එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් හිටි හැටියේ පෝස්ටරයක්, බැනරයක් ප්‍රදර්ශනය කර එය අන්තර්ජාලයට මුදාහරිනවා මිස එල්.ටී.ටී.ඊ.යේ නැඟිටීමක් උතුරේ සිදුනොවන බවත් ය.

“විපක්ෂය ජාතිවාදය, ආගම්වාදය, පතුරවමින් උත්සාහ කරන්නේ යළි බලය ලබා ගන්නයි. එදා චෝදනාවලට ලක්වූ අජිත් නිවාඩ් කබ්රාල්ලා, නාලක ගොඩහේවා වගේ අය අද නැවතත් එළියට බැහැලා. මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ අපි කඩිනමින් ආරම්භ කරනවා. හොරු අල්ලන්නේ නෑ කියලා අපට එල්ලවූ චෝදනා නිසා පසුගිය පළාත් පාලන ඡන්දයේදී අපට බලපෑම් ඇති වුණා. අප සිදුවූ වැරැදි නිවැරැදි කරගෙන ඉදිරි කටයුතු සැලසුම් සහගතව කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා එයාගේ නඩු ටික කඩිනමින් අහන්න කියලා. රාජපක්ෂ පාලන කාලයේදී වගේ අපි අධිකරණ කටයුතුවලට මැදිහත් වෙන්න, ඇඟිලි ගහන්න, බලපෑම් කරන්න යන්නේ නැහැ. එහෙම කළොත් අධිකරණයට එම කටයුතු ස්වාධීනව කරගන්න හැකියාවක් නැහැ.”

“ඒ වගේම අපේ රටට හිට්ලර්ලා ගොට්ලර්ලා අවශ්‍ය නැහැ. හිට්ලර්ගේ සම්මිශ්‍රණයක් වූ ගොට්ලර්ලාට ලක්ෂ ගණන් ජනතාව ඝාතනය කරන්න ඉඩ දෙන්න බැහැ. රාජපක්ෂ සහෝදර සමාගමේ වගේ අපට ගැටලු නැති නිසා දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපට පුළුවන්.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Navin Dissanayake

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here