කුඩු ගෙන්නන දේශපාලඥයන් මුලින්ම එල්ලිය යුතුයි!

0

රටේ ආරක්ෂාවක් තිබියදි රේගු ප්‍රතිපත්ති තිබියදි කුඩු රට තුලට එන්නේ දේශපාලකයන්ගේ අනුදැනුම ඇතිව බවත් සියල්ලන්ටම පෙර ඔවුන්ව එල්ලා මැරිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති පවසනවා.

ඊයේ (12) ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

පෙරේදා ජනාධිපති විසින් මත්කුඩු අලෙවි කරන්නන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම කරන බව පැවැසුවා. ජ.වි.පෙ. අදහස මොකක්ද?

“වැරැදිකරුවෝ ඉබේ බිහිවෙන්නේ නෑ. මත්කුඩු විකුණන අය වගේම මත්කුඩු ගෙන්නන අය ගැන මොකක්ද ගන්න පියවර? එල්ලන්න ඕනෑ මේ විවෘත ආර්ථිකය. මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක සංවාදයක්. රටේ නීති රීති තියෙද්දී, ගුවන්තොටුපළ, වරාය විමර්ශන තියෙද්දී කුඩු කන්ටේනර් ගේන්න ප්‍රබල දේශපාලනඥයන් මැදිහත් වන බව පැහැදිලියි. මේ සංස්කෘතිය බෝ කරපු දේශපාලනඥයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි එහෙනම්.”

ජනපති අපේක්‍ෂකයා ගැන බෙදුණු ස්වභාවයක් දැන් ප්‍රචාරය වෙනවා. ගෝඨාභය මහතා කරළියට එද්දී කුමාර වෙල්ගම, වාසුදේව මන්ත්‍රිවරුන් තව අය ගැන කියනවා?

“අද ඕක රැකියා ප්‍රශ්නයට බලපාන්නේ කොහොමද? තෙල් ප්‍රශ්නයට බලපාන්න කොහොමද ඔය කියූ සියලු දෙනා අද ආණ්ඩුවේ ඉන්නවා. ඔබලාමයි ප්‍රචාරය කරන්නේ ඒවා ගැන. ප්‍රචාර වෙනවා නොවේ. ආයේ මේ අය එන්නේ හොරකම් කරන්න. එහෙම මහජන මුදල් හොරකම් නොකරන එක්කෙනෙක් ගැන සහතිකයක් දෙන්න පුළුවන්ද? මාධ්‍යට රැකියා ගැන කියද්දී මාධ්‍ය අහනවා ගෝඨාභය හොඳයිද? බැසිල් හොඳයිද? චමල් හොඳයිද කියලා.”

Sunil Handunnetti

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here