ඒකාබද්ධ විපක්ෂයේ වගකීම මහින්ද පැවරුවේ දිනේෂ්ටයි….විපක්ෂනායක ධූරයත් දිනේෂ්ට හිමිවිය යුතුයි!

1

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් හෙවත් මන්ත්‍රිධූර 70ක්  හිමි ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකධූරය ලබා දෙන ලෙස ලිපියක් මගින් ඉල්ලා සිටිමට තීරණය කළ බව මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

ඊයේ (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස පිළිගත නොහැකි බව සහ ඔහු විපක්‍ෂ නායකධුරය දැරීම පිළිබඳ තමන්ට කිසිදු විශ්වාසයක්‌ නොමැති බව පවසමින් ඉදිරි සතියේ පැවත්වෙන පාර්ලිමේන්තු රැස්‌වීමේදී කතානායකවරයාට මෙම ලිපිය භාරදීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

ආර්. සම්බන්ධන්  නාමමාත්‍රික විපක්‍ෂනායක වුවත් ඔහු කටයුතු කරන්නේ රජයේ අන්තර්ගතයක්‌ ලෙසින් බවට මෙම ලිපියෙන් ඒකාබද්ධ විපක්‍ෂය අවධාරණය කරන බවත්  අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදීත් රනිල් වික්‍රමසිංහ ආරක්‍ෂා කිරීමට ඔහු කළ හැකි සියල්ල කළ බවත් මහාචාර්යවරයා සඳහන් කර සිටියා.

එසේම  ඒකාබද්ධ විපක්‍ෂයට නායකත්වය දෙන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අද එහි කටයුතු මෙහෙයවීමේ වගකීම පවරා ඇත්තේ දිනේෂ් ගුණවර්ධනට බවත් ඔහු මෙහිදි සඳහන් කළා.

G. L. Peiris

1 COMMENT

Comments are closed.