රාජපක්ෂ පාලනයකට ආපසු ඉඩක් නෑ…. එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙක්!

0

එක්සත් ජාතික පක්ෂය තුල තිබෙන අඩුපාඩු කම් කඩිනමින් සපුරාගෙන 2020 වසරේ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් හොද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව අමාත්‍ය නවින් දිසානයක පවසයි.

ද(22) ගිනිගත්හේන සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මස්කෙලිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ  එක්සත් ජාතික පකෂය තුල දැනට අඩුපාඩුකම් රැසක් තිබෙන බවත්, එම අඩුපාඩුකම් ඉදිරි වසර 1 ½ තුල සපුරාගෙන 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් හොද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යය නවින් දිසානායක කියා සිටියේ මේ රට තුල රාජපක්ෂ පාලනයක් ඇති කිරිමට එක්සත් ජාතික පක්ෂය කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි.

2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කිසිදු කැමැත්තක් නොමැති බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට දියාරු වෙමින් පවතින පක්ෂයක් බවයි අමාත්‍යය නවින් දිසානායක මෙහිදි කියා සිටියේ.

එත්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයේන් පිදුම් ලත් නවින් දිසානායක  පිලිගැනිම සදහා මස්කෙලිය ආසනයෙ එකසත් ජාතික පක්ෂ සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.කේ.පියදාස විසින් මෙම පිලිගැනිමේ උත්සවය සංවිධානය කර තිබුණි.ගිනිගත්හේන බස් නැවතුම්පොලේ සිට අමාත්‍යය නවින් දිසානායක මහතාව පිලිගෙන උක්සව ශාලාව වෙත කැදවාගෙන එනු ලැබුවා.

මේ රටේ තේ අපනයනය සදහා ජපාන රජයෙන් සහන රැසක් ලබාදිමට එරට රජය තමන්ට පොරොන්දු වු බවද අමාත්‍යය නවින් දිසානායක  මේ රැස්විමේදි කියා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ