ගාමිණී සෙනරත්ට එරෙහි මූල්‍ය නඩුව විශේෂ මහාධිකරණයේ විභාගයට

0

මහා පරිමාණයේ මූල්‍ය වංචා හා දූෂණ නඩු විභාග කිරීමට නියමිත පළමු විශේෂ මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත පළමු නඩුව ලෙස ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුලු 4 දෙනෙකුට එරෙහි රුපියල් මිලියන 500ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධ නඩුව නීතිපතිවරයා එම අධිකරණයේ දී අද (26) ගොනු කළා.

රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය මෙහි සෙසු සැකකරුවන් වන අතර ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා පොදු දේපල පනත, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනුකර ඇති අතර දැනට මහාධිකරණ සංකීර්ණයේ සේවය කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පළමු විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙසට කටයුතු කරයි.