ගෝඨා වටේ ඉන්න කට්ටිය ගමත් කාලා රටත් කනවා…..හරි කෙනා තෝරා ගන්න එක මහින්දට බාරයි!

0

අනාගත ජනාධිපති අපේක්ෂකයා වීමට බලාපොරොත්තු වීමට බලාපොරොත්තු වන ගෝඨාභය රාජපක්ෂගේ වටේ සිටිනා පිරිස ගමත් විනාශ කොට රටත් විනාශ කිරීමට සුදානම් වන බව ඩිලාන් පෙරේරා පවසනවා.

ඊයේ (26) නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම ඉතා ඉහළින් කියවෙනවා. එතුමා වටේ ඉන්න අය ගමත් කළා රටත් කන්න හදන්නේ. එතුමා ලගින්ම ඉන්නවා සරත් වීරසේකර මහත්තයා. ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිසමේ සභාපතිනිය දීපිකා උඩුගම මහත්මිය මත ප්‍රකාශ කිරීම නිසා අපේ ආණ්ඩුවක් ආවොත් එල්ලනවා එල්ලලා මරනවා කියලා තර්ජනය කරනවා. කවුද සරත් වීරසේකරලා. එතකොට මොකද වෙන්නේ බුද්ධිමත් මිනිස්සු බලනවා යකෝ මේ එන්න හදන්නේ මිලිටරි ආණ්ඩුවක්. කැත්තට පොල්ල වගේ සරත් වීරසේකරලා, කමල් ගුණරත්නලා එහෙම ගියොත් අපිට ජනාධිපතිවරණයක් ලබා ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම අපහසු වෙනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

මේ අතර අද (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සරත් වීරසේකර පවසා සිටියේ, “රණවිරුවන් සහ රටේ ඒකීයභාවය වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පෙනී සිටින හමුදා නිලධාරියෙක් වන තමාව ළඟ තියා ගන්නවාද නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ළඟ තියා ගන්නවාද යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කළ යුතු බවයි.”