මත්තල අයිති කර ගන්න ඉන්දියාවට අදහසක් නෑ……..!

0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පාලන හිමිකාරිත්වය අත්කර ගැනීමට ඉන්දිය රජය අපේක්ෂා නොකරන බව  එරට ගුවන්සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා ඉන්දියාවේ ලොක් සභාවේදි ප්‍රකාශ කොට තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසු මෙම ප්‍රකාශය පිළිබඳව ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද (27) වාර්තා කොට තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂ මන්ත‍්‍රිනී පූනම් මහජන් විසින් මත්ත්ල ගුවන් තොටුපොළේ හිමිකාරිත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ ද යනුවෙන් විමසු පැනයට ලිඛිත පිළිතුරක් ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසු බවයි එම පුවත් සේවය සඳහන් කරන්නේ.

එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ,මේ අවස්ථාවේදී එවැනි යෝජනාවක් සැලකිල්ලට නොගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පවසා තිබෙනවා.