සිංගප්පූරු ගිවිසුමේ රඟ මිනිසුන්ගේ බොක්කට විතරක් නෙමෙයි උණ්ඩුකපුච්චයටත් දැනෙනවා

0

සිංගප්පූරු ගිවිසුම ගැන දොස්තරලා දන්නේ මොනවාද යනුවෙන් අසන ලක්ෂ්මණ් කිරිඇල්ල අමාත්‍යවරයා මංගල සමරවීර අමාත්‍යවරයා පසුගිය 19දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් භාණ්ඩ 182ක තීරු බදු නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණා දැයි රටට දැන්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (31) ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ අංශය විසින් කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“පසුගිය ජූලි 19දා මුදල් ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ ගිවිසුමෙන් භාණ්ඩ 182ක තීරු බදු සම්පූර්ණයෙන් නිදහස් කළා කියලා. සිංගප්පූරු ගිවිසුම අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග නිකුත් කරලා තියෙනවා මේ ගිවිසුම ගැන සඳහන් කරලා. මේ ගිවිසුමෙන් තීරු බදු නිදහස් කරලා තියෙන්නේ ගව ශුක්‍ර ධාතු, උෟරන්ගේ ශුක්‍ර ධාතු, එළුවන්ගේ ශුක්‍ර ධාතු, රූපලාවණ්‍ය උපකරණ, ලොම් ඉවත් කිරීමේ උපකරණ, කොණ්ඩ සැකසුම් උපකරණ, හිස කෙස් වේළීමේ උපකරණ, අත් වේළීමේ උපකරණ යන මේ භාණ්ඩ තීරු බදු රහිතව ලංකාවට ආනයනය කිරීමට ඉඩදිය යුතු බව මංගල සමරවීර අමාත්‍යවරයා ගැසට් නිවේදනයෙන් කියලා තියෙනවා.”

“මෙවැනි නිවේදනයක් මුදල් ඇමැතිවරයකුට නිකුත් කරන්න පුළුවන් වෙන්නේ කැබිනට් මණ්ඩල අනුමැතියක් ලැබුණට පස්සේ. අපි අහනවා මේකට කැබිනට් අනුමැතිය ලැබිලද තියෙන්නේ කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් සිංගප්පූරු ගිවිසුම අස්සන් කරලා දැන් භාෂා තුනෙන්ම මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා.”

“මේ ගිවිසුම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තියෙන අවස්ථාවක කැබිනට් මණ්ඩලය අනුමත කළාද තීරුබදු නිදහස් කරන්න කියන ප්‍රශ්නය මෙතැන තියෙනවා. පාර්ශ්ව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ගිවිසුම ගැන නඩු පවරලා තියෙන වෙලාවක නඩු කටයුත්ත ඉවර වෙලා නැති අවස්ථාවක කැබිනට් මණ්ඩලය මේකට අනුමැතිය දුන්නාද නැද්ද කියලා රටට හෙළිදරව් කළ යුතුයි.”

“ඒ විදියට අහිතකර ප්‍රතිවිපාක ඇති වෙන නිසා තමයි වෛද්‍යවරුන්, බුද්ධිමතුන් මේ ගිවිසුමට විරෝධය පළ කරන්නේ. මෙවැනි ඇමැතිවරුන්ට රට කරගෙන යන්න පුළුවන්ද කියලා ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කළ යුතු වෙනවා. අපි මේ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා.”

“ඒ වගේම අපි ඊයේ දිනයේ මුදල් ඇමැති මංගල සමරවීරට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. මහින්ද රාජපක්ෂ යුගයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ලක්ෂ ගණන් මුදල් වියදම් කරලා මේ රටේ ජනතාවගේ බදු මුදල් විනාශ කරමින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම සඳහා සිදුකළ දැන්වීම් පළ කිරීමට එරෙහිව අපි මේ විදියට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා.”

“දැන් ලංකාවේ ලොකුම ප්‍රශ්න දෙක හම්බන්තොට වරායයි, මත්තල ගුවන්තොටුපළයි වෙලා. ඒකේ වටිනාකම කියන්නේ මත්තල ගුවන්තොටුපොළ රුපියල් බිලියන 26යි. මේ මාස 16ට රත්රන් ගෙනාවා රුපියල් බිලියන 160ක. රත්රන් ආනයනය කිරීම නිසා රුපියල කඩාගෙන වැටුණා. ඒක බිලියන 160ක්. ඒ ගැන ආණ්ඩුවේ කිසිවෙක් හෝ ඩීල් විපක්ෂය හෝ හීලෑ විපක්ෂය වචනයක්වත් කතා කරන්නේ නැහැ. මත්තල ගුවන් තොටුපොළට වඩා මේ රත්රන් ජාවාරම ඉතා බරපතළයි. නමුත් කට්ටියම මත්තල ගැන විතරයි කිය කියා ඉන්නේ.” මන්ත්‍රිවරය මෙහිදි කියා සිටියා.

Bandula Gunawardane