අපතයොන්ට මම ආයි උත්තර බදින්නේ නෑ…ක්‍රිඩා ඇමති හිටියට වැඩක් නෑ….එයාට ක්‍රිකට් අදාළම නෑ වගේ…..

0

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල තරග පාවදීම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා ඊයේ (31) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පිළිතුරු ලබා දුන්නා.

“ලක්නව් තරගයකදි 1994 දි චෝදනාවක් එල්ල වෙලා තිබුණා. ඊට පස්සේ ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ඇවිල්ලා ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු රාජ නීතිඥවරෙයෙක් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් කළා. තාජ් එකේ තමයි පරීක්ෂණය තිබුණේ ඒකෙන් අපිව නිදොස් කොට නිදහස් කළා. ඒ කාලයේ සුමතිපාල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා. ක්‍රීඩකයෝ හැටියට අපි අවුරුදු 20ක් විතර ක්‍රිඩා කරලා තියනවා. පටන් ගන්න කාලයේ අපිට මුදලක් ගෙව්වේ නෑ. හැබැයි අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට සල්ලි බලාගෙන නෙමෙයි. ඒකේ ප්‍රතිඵලයක් තමයි 1996 දි අපිට ලෝක කුසලානය ගේන්න පුළුවන්කම ලැබුණේ. ඒ හින්දා මම මේ කෙහෙද යන අපතයෝ කියන ඒවා වැඩිය ගනන් ගන්නේ නෑ. මීට පස්සේ ඔය අපතයෝ කතා කරන ඒවට මම උත්තර දෙන්නේ නෑ.”

“මම මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා, ඡන්ද බලයක් නැති අනාථ වෙච්ච, අඬලා පරාද වෙලා සල්ලි වියදම් කරලා පස්සේ දොරෙන් ගිහිල්ලා, ආණ්ඩු පෙරල්ලන්න හදලා ඒකත් අසාර්ථක වෙච්ච මිනිස්සුන්ව වැඩිය ඔහෝම පුම්බන්න හදන්න එපා. අපේ අම්මලා තාත්තලා මිනිස්සුන්ගේ ලේවලින් හම්බ කරපු සල්ලි වලින් අපිව හැදුවේ නෑ. තමුන්නාන්සේලා දන්නවා මේ බුකි පවුල් කියන්නේ මොනවාද කියලා. මේ රටේ විනාශය ඇති කරන පවුල්.” එහිදි අදහස් දක්වමින් අරජුන රණතුංග අමාත්‍යවරයා පවසා සිටියා.