රෙද්දක් ඇඳගෙන මේ ආණ්ඩුවේ මෙහෙම ඉන්න ලැබිච්ච එක මොන තරම් කරුමයක්ද?

0

කටාර් හි පැවැත්වෙන ස්ටැෆර්ඩ් පාසල බලහත්කාරයෙන් අත්පත් කරගත් කුවෙට් තානාපති ASP ලියනගේට එරෙහිව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් වහාම පියවර ගත යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පවසනවා.

ඊයේ (31) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“මේ තනාපතිවරයා තමුන්ගේ උවමනාවට එහේ පොලිසිය එහේ රාජ්‍ය බලය භාවිතා කරලා දැන් සභාපතිවරයෙක් පත් කරගෙන දැන් ව්‍යවස්ථාවත් වෙනස් කරලා දැන් ගමන් කරමින් සිටින්නේ මම ඉතා වගකීමෙන් කියනවා කටාර් රියාල් මිලියන 9, මේ මුදල ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් ලක්ෂ හාර දහස් නමසීයක් විතර වෙනවා. ඒ මුදලට විදින්න. අපේ ආණ්ඩුවෙන් පත් කරපු තනාපතිවරයා. මේ ප්‍රශ්නේ ගැන කතා කරනකොට මෙයා අපේ ගෙදරට එවනවා මත්පැන් බෝතලයක්. අපිට නියෝජ්‍ය ඇමතිවරු විදියට නෙමෙයි පසුපෙල මන්ත්‍රිවරු විදියටවත් මේ වගේ උන්මත්තකයන් පත් කරපු අපේ ආණ්ඩුවේ මේ විදියට ඉන්න, රෙද්දක් ඇදගෙන  ඉන්න ලැබිච්ච එක මොන පූරුවේ කරුමයක් ද? අපි යවපු තනාපතිවරු අතර ඇඟ පත් ලොකුවට ඇති අංකුර, වලිග නැති බත් කන හරක් ඉන්නවා කියලා පැහැදිලියි.”

“ලෝකෙට කම්කරු පක්ෂය කියන්නේ ලොකු පක්ෂයක්. අපි නේ දන්නේ මෙයාගේ කම්කරු පක්ෂේ ඉන්නේ මෙයයි මෙයාගේ දුවයි විතරයි. එයාගේ පක්ෂේ ඔක්කෝම වාඩි වුණාට පස්සේ අපි තවතුන්දෙනෙකුට වාඩි වෙන්න පුළුවන් ත්‍රිවිල් එකේ. කටාර් තානාපති කාර්යාලය අද මැරයන්ගේ පිස්සන්ගේ රජ දහනක් වෙලා තියෙන්නේ. ලියුම් ගහනවා. ලියුමට අත්සන් කරන්නේ තනාපතිතුමා. ලියුමේ මැද හරියේ තියනවා තනාපතිතුමා අදහස් කරයි කියලා. එක්කී සිංහල මෙලෝ වචනයක් දන්නේ නැති වෙන්න ඕන, නැත්නම් පිස්සෙක් වෙන්න ඕන. මම දැක්කා ෆේස්බුක් එකේ තියනවා අද ආණ්ඩුව තියෙන්නේ සියබලා ආණ්ඩුව විතරයි කියලා. මම ආණ්ඩුවෙන් ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා ඒ කතා සත්‍යයක් කරන්න එපා කියලා.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

Buddhika Pathirana