මහින්දම ඉල්ලන අය මහින්දගේ තර්ජනය මතක් කර ගන්න……

0

මහින්ද රාජපක්ෂම බලයට ගෙන ඒමට දත කන රාජපක්ෂ ලෝලින් පසුගියදා රාජපක්ෂ තම අනුගාමිකයන්ට කළ තර්ජනය මතක තබා ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

බණ්ඩාරගමදි පැවති ජන හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ මහතා එන බව කියලා සංවිධානය කළ රැස්වීමකට එතුමා නොපැමිණීම පිළිබඳ විමසූ සංවිධායකවරුන්ට මහින්ද රාජපක්ෂ මහතා උත්තර දීලා තියෙන හැටි දැන් රටම දන්නවා. මේ යථාර්ථය දැන්වත් තේරුම් ගත යුතුයි. එතුමා බලයේ සිටියදී තර්ජනය, ගර්ජනය, මර්දනය මොන විදියට කරන්න ඇතිද කියලා අමුතුවෙන් කිවයුතු නැහැ.
අපේ ආණ්ඩුව යටතේ අද සියලු දෙනාට නිදහස ලැබිලා තියෙනවා. විවේචකයන්ට අද මරණ බිය දැනෙන්නෙ නැහැ. සමාජයේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තියෙනවා. නමුත් විසඳන්න තව ප්‍රශ්න තියෙනවා. රාජපක්ෂලාම ඉල්ලන රාජපක්ෂලා ගැන හිතන අයට මේක හොඳ පාඩමක්.”

“මහින්ද රාජපක්ෂ මහතා ඉතා ආශාවෙන් ගහපු එතුමාගෙ නම කිසිම තැනකින් ගලවලා ඉවත් කරලා නැහැ. මහින්දෝදය විද්‍යාගාරවල, එතුමා නම ගැහුවා. කිසිම විද්‍යාගාරෙක නම ඉවත් කරලා නැහැ. ඒ වගේම එතුමා ක්‍රීඩාංගණ ගණනාවක නම් ගැහුවා. වරායේ, ගුවන් තොටුපොළේ නම ගැහුවා. නමුත් ඒ කිසිම තැනක නම ඉවත් කරල නැහැ.අපි කරන වැඩවල අපේ දේශපාලනඥයන්ගේ නම් වෙනුවට රටට වැඩ කළ රට වෙනුවෙන් කැපවූ ඒ දේශපාලන නායකයන් නොවන අයගේ නම් යෙදීම අපේ ප්‍රතිපත්තිය බව කිවයුතුයි. ජීවත්ව සිටින දේශපාලනඥයන්ගේ නම් රටේ ජනතා මුදලින් ඉදිකළ ව්‍යාපෘති සඳහා යෙදීම සුදුසු නැති බව අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් විශ්වාස කරනවා.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.

Ajith Perera