පුද්ගලික මාධ්‍ය අපිට ඊර්ෂ්‍යා කරන්නේ ඇයි….?

0

වැඩි ප්‍රේක්ෂක සංඛාවකට තරග නැරඹීය හැකි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයක් කොග්ගල ප්‍රදේශයේ ඉදිකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (01) ගාල්ල ප්‍රදේශයේ දි හෝටලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මුහුදුකරයේ විතරක් එනෙමෙයි අපි බලන්නේ ලංකාව ආසියාවේ හොඳ ක්‍රිඩා ස්ථානයක් කරන්න. අපේ පුද්ගලික මාධ්‍ය ඇයි ඊර්ෂ්‍යා කරන්නේ කියලා මම දන්නේ නෑ. මොකද අපි බලාපොරොත්තු වෙනවා ගාල්ලේ ගොල්ෆ් පිට්ටනි 3ක් ආරම්භ කරන්න. අපි ජාන්තන්තර ක්‍රිකට් ක්‍රිඩාංගන දෙකක් ඇති කරන්න ඉන්නේ. එකක් තමයි මෙතන තියන ක්‍රිඩාංගනය, ඒක අපිට යුනොස්කෝ එකට අනුකූලව සකස් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒකට 5000යි දාන්න පුළුවන් ඒක කුඩා පිට්ටනියක්. කොළඹ සමහර පාසල් වල ක්‍රිඩාංගන වල ඊට වඩා දාන්න පුළුවන්. ඊට වඩා විශාල ක්‍රිඩාංගනයක් යෝජනා වෙලා තියනවා කොග්ගල පැත්තේ. එතන පුළුවන් 25,000ක් හෝ ඊට වඩා වැඩි පිරිසක් දාන්න. ඒවගේම මත්තල නගා හිටුවන්න අපි සුරියවැව ක්‍රිඩාංගනයයත් ක්‍රිඩා දෙන්න ඉන්නවා. ඉතින් මෙහෙම තියෙද්දි ඇයි අපේ පුද්ගලික විද්‍යුත් මාධ්‍ය අපිට විරුද්ධව වෙන්නේ කියලා. මම හිතන්නේ මේ ඔක්කෝම අයිතිකාරයෝ මෙහාට ගෙන්නලා පෙන්නන්න ඕන මොනවද කරන්නේ කියලා.” අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe