බංකොලොත් ඒකාබද්ධ විපක්ෂය හිතා ඉන්න විදියට හමුදාව යාපනය කොටුවෙන් එලවලා නෑ….හමුදාවට එලියට යන්න හේතුවකුත් නෑ….රෝහිතට හමුදාපතිගෙන් පිළිතුරු

0

යාපනය කොටුව හමුදාවට තහනම් කලාපයක් බවට පත් කරන බවට පලවන වාර්තා අසත්‍ය හා කිසිදු පදනමක් නැති ප්‍රකාශයක් බව හමුදාපති මහේෂ් සේනානායක පවසනවා.

යාපනය කොටුවේ සංචාරයක් අතරතුරදි හමුදාපතිවරයා මේ බව පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිණි.

කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යාපනය කොටුවෙන් හමුදාවට තහනම් කලාපයක් බව එම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළා.

ඒ අනුව යාපනය කොටුව තුළ සංචාරය කරමින් හමුදාපතිවරයා මාධ්‍ය වෙත මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

“මම හැමදෙනාටම කියන්න කැමැතියි යුධ හමුදාව යාපනයේ ක්‍රියාත්මක වෙන්නේ ඉතා දීර්ඝ කාලයක ඉදලා. මෙය ශ්‍රි ලංකා යුධ හමුදාව යාපනය කොටුව තුළට පිවිසෙන ප්‍රථම වතාව නෙමෙයි. ඉතින් යුධහමුදාව හුඟ කාලයක් මෙහි සිටියා වගේම ඉදිරියටත් මෙහි සිටීමට බලාපොරොත්තු වෙනවා. මෙතනින් පිටවෙලා යන්න අපිට විශේෂ හේතුවක් නෑ. සිවිල් වැසියෙක් හෝ රජයේ ආයතනයක් යාපනය කොටුව තුළට පැමිණෙනවා නම් අපි එයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි මෙහි සිටින්නේ සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණ සඳහා යි.”