විශේෂ අධිකරණ මෙහෙයවන්නේ අරලියගහ මන්දිරයෙන්…..,මහින්ද කියයි…හොරුන්ට දෙයියන්ගේ පිහිටයි!

0

විශේෂ අධිකරණ සියල්ල මෙහෙයවන්නේ අරලියගහ මන්දිරයෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අරලියගහ මන්දිරයට ඇමතිවරුන් හා නීතිපතිවරයා ගෙන්වා විශේෂ අධිකරණ පත්කිරීමට නියමිත බවත්,එහිදී ඇමතිවරුන් නම් කරන පුද්ගලයන්ට දඬුවම්දීම හැර වෙනත් කාර්යයක් අගවිනිසුරුවරයාට ඉතිරි නොවන බවත් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පැවති ජන බල සේනා ජන රැලිය අමතමෛනි.

“මේ ආණ්ඩුව කරන දේවල් මටත් වඩා හොඳට තමුන්නාන්සේලා දන්නවා. අද ජනතාවට කන්න නෑ. පොළට ගිහිල්ලා මිරිස් වල ගාන ඇහුවම මොනවද කියන්නේ? මේ ආණ්ඩුව අද ජනතාව ගැන හිතන්නේ නෑ. එයාලට ඡන්දය දුන්න මිනිස්සු ගැනවත් එයාලා හිතන්නේ නෑ. එයාලා හිතන්නේ එයලා ගැන. හැමදාම අපිට හොරා කියලා ඇගිල්ල දික් කරනවා. අවුරුදු 3ක් කළේ අපිට නඩු දාන්න හදපු එක. එයලා ව්‍යවස්ථාව පාවිච්චි කරනවා. ඒ දවස්වල මම දැක්කා කාර් එකකින් යන්න මොනතරම් නංගිලා පොරකෑවා ද වැස්සේ තෙමි තෙමි, අනේ නංගියේ දැන් වැස්සේ නෙමෙයි අව්වෙත් වේලි වේලි තමයි ඉන්න වෙන්නේ. මගෙන් ඇහුවා පුංචි කාර් එකට බදු අය අරපු එක ගැන ඔබතුමා හිටන්නේ මොනවාද කියලා. මම කිව්වා හිතන්න දෙයක් නෑ පිං කැටයට බදු ගහපු අය පුංචි කාර් එකට බදු ගහන එක එච්චර හිතන්න දෙයක් නෑ කියලා.” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

හමුදාවට පොලිස් බලය ලබාදී රට හමුදාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්,එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව කල්පනා කර බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Mahinda Rajapaksa