වැඩේ වරද්දගෙන නිදහස නැති කරගන්න තැනට පත් වෙන්න එපා….මාධ්‍යයට ජනපති අනතුරු අඟවයි!

0

ලබාදුන් මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිත කරන මාධ්‍ය විසින් එම නිදහස නැතිකර ගැනීමට කටයුතු නොකල යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඊයේ (02) පොළොන්නරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“2015 මැතිවරණයේ දි ජනතාව ඉල්ලුවේ සාධාරණ සමාජයක්, සැකෙන් බියෙන් ජීවත් වීමේ සමාජයක්, නීතියේ ආධිපත්‍ය, මාධ්‍ය නිදහස, විදේශිය බලපෑම් වලින් නිදහස් වූ සමාජයක්. ඒ ලබා දුන් නිදහස භුක්ති විදිමේ ක්‍රමය ගැන සමහර අයට මානුෂික බව පෙන්නුම් කරන්න බැරුව ගිහින් තියනවා. නිදහස කෙතෙක් දුන්නා ද කියනවා නම් ජනාධිපතිවරයාට තිත්ත කුණුහරුපෙන් බනින්න, ජනාධිපතිවරයාට තිත්ත කුණුහරුපෙන් ලියන්න, ජනාධිපතිවරයාගේ රෙදි ගලවලා පෙන්නන්න සමාජ මාධ්‍ය හරහා දුන්න නිදහස පාවිච්චි කරනවා. හැබැයි එහෙම වැරදි විදියට පාවිච්චි කරලා වැඩකරන අයට  එකක් කියන්න කැමතියි. එහෙම වැඩකරලා දීපු නිදහස නැති කරගන්න තැනට පත් වෙන්න එපා.”ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියා.

Maithripala Sirisena