මහින්ද රජය පෙරල්ල ඕන නිසා මුස්ලිම් ජනතාව තුළ බලෙන් අප්‍රසාදය ඇති කළා…!

0

පසුගිය මහින්ද රාජපක්ෂ රජය පරාද කිරීමට අවශ්‍ය වන මුස්ලිම් ජනතාව එම රජය කෙරෙහි බිඳ වන වැඩපිළිවෙළක් ඒ කාලයේ විරුද්ධවාදින් විසින් ක්‍රියාත්මක කළ බව ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති හරි මග සංවිධානයේ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

“මහින්ද රාජපක්ෂ රජය පරද්දන්නට නම් ඒ අයට තේරුම් ගියා මේ මුස්ලිම් ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කරලා විශ්වාසය නැතිකරන්න ඕන කියලා. ඒකට සැළසුම් ඇති කළා දේශිය හා විදේශීය බලවේග එකතුවෙලා. අද පාතාලය හිස ඔසවලා තියනවා කියලා හැමෝම දන්නවා. සමහරු පාතාලය ගැන කතා කරන්න බයයි. කුඩු පාසල්වලත් තියනවා. එදා යුද්ධය අවසන් කළාට පස්සේ උතුරු ප්‍රදේශයේ එක පෝස්ටයක්වත් ඇලෙව්වේ නැති තරමට අපි ආරක්ෂාව තියාගෙන හිටියා. පාතාලය නැති වුණා. කුඩු අඩු වුණා. මේවා අපිට කරන්න පුළුවන් වුණා ජනතාව වෙනුවෙන්. නමුත් අද ඒ සියළු දෙයක්ම නැතිවෙලා. අවුරුදු 3 1/2 වැනි කෙටිකාලයක මේ වගේ අප්‍රසාදයට පත් වෙච්ච රජයක් මේ රටේ තිබුණාද කියලා හිතා ගන්න අමාරුයි. ඉතින් මෙවැනි රජයක් මේ ආණ්ඩුව පෙරලලා මහජනතාවට හිතැති එදා කරගෙන සංවර්ධනය ඉදිරියට කරගෙන යන්න හැකි රජයක් බිහි කරන්න සියළු දෙනා එක් වෙමු.” ඔහු මෙහිදි පවසා සිටියා.

Gotabhaya Rajapaksa