විඳින්න කැන්ඩොස් දැන් සිනා මැවේ…….! කෑවානම් බඩුම තමා………

0

චොක්ලට් කියන්නේ වයස් භේදයකින් තොරව තරාතිරමකින් තොරව සියළු දෙනා බොහෝම ආශාවෙන් රස විදින ආහාරයක්. ලංකාවේ ඕනෑම කඩයක විවිධ මිල ගණන් යටතේ චොකලට් මිලයට ගැනීමේ හැකියාව ඇත. එයිනුත් සාමාන්‍ය මිල්ක් චොකලට්ටුවකට වඩා කජු, වියලි මිදි දැමු චොකලට් හි මිල ඉහළය.

මිහිරි මතක හද රදවන කැන්ඩොස් චොකලට් ලංකාවේ හොදින් අලවි වන චොකලට් වෙළඳ නාමයක් ලෙස හැදින්විය හැකිය. පසුගිය දා කොළඹ ප්‍රදේශයේ ජීවත් වන කුඩා දරුවෙකුට කැන්ඩොස් කජු චොකලට්ටුවක් එම දෙමාපියන් මිලයට ගෙන දි තිබෙනවා. චොකලට්ටුවේ පළමු කැබල්ල තුළම තිබි මේ කුඩා දරුවාට වීදුරු කැබැල්ලක් හමු වී තිබෙන අතර ඔහුගේ වාසනාවට එය හදුනා ගෙන ඉවත දැමීමේ වයසක ඔහු පසුවී තිබෙනවා.

පසුව එම දෙමාපියන් විසින් චොකලට් පැකට්ටුව මිලදි ගත් වෙළඳ සැලට ගොස් විමසීමේදි එම ප්‍රදේශයේ කලාප කළමනාකරුගේ දුරකතන අංකය ලබා දීම වෙළඳ සැල් හිමිකරු කටයුතු කොට තිබෙනවා. එම කළමනාකරුට දුරකතනයෙන් ඇමතු දෙමාපියන් සිදු වූ දෙය පැවසු විට ඔහුගේ පිළිතුරු වී ඇත්තේ අලාභය ලෙස රුපියල් 5000ක මුදලක් ලබා දීමට හැකි බවත් සිදු වූ දෙය අමතක කර දමන ලෙසත් ය.

නමුත් එම දෙමාපියන් පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය මුදල් නොවන බවත් මෙලෙස වගකීමක් නොමැතිව ආහාරයට ගන්නා ආහාරයක වීදුරු කැබැල්ලක් තිබීම පිළිබඳව කැන්ඩොස් සමාගමේ අවධානය යොමු විය යුතු බවත් ය. එයට පිළිතුරු ලබා දුන් කළමනාකරු පවසා තිබෙන්නේ හිටපු අමාත්‍යවරයෙකු හා ප්‍රබල විපක්ෂ මන්ත්‍රිවරයෙකුගේ සහෝදරයෙකු ට අයත් කැන්ඩොස් සමගම සමඟ ගැටුම් ඇති කර ගැනීම ඔවුන්ගේ ජීවිතයට එතරම් ආරක්ෂිත නොවන බවයි.

එම දෙමාපියන් තම සමාජ වගකීම ඉටු කරමින් මෙම ඡායාරූප සහ විඩියෝ පටය ලංකා නිවුස් ඇලර්ට් වෙත එවා ඇති අතර අද පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිල්ලක් කිරීමට ද සූදානම් ය.

යම්හෙයකින් මෙම විදුරු කටුව එම දරුවාට ගිලුණි නම් ඔහුගේ සෞඛ්‍යයට ඇති විය හැකි බරපතල තර්ජනය පිළිබඳව හෝ සැළකිල්ලක් නොදක්වා මිනිසුන් සල්ලි ලබා දි මිලදි ගන්නා ආහාර වලට දේශපාලන පාට් දමන මෙවන් සමාගම් පිළිබඳව ඔබගේ අවධානය යොමු විය යුතුය. තොග වශයෙන් නිෂ්පාදනය වන මෙම චොකලට් එකක පමණක් විදුරු කටුවක් තිබිය නොහැකි බැවින් කැන්ඩොස් චොකලට් ආහාරයට ගන්නා ඔබ පරිස්සම් වියයුත්තේ තවත් විදුරු කටු චොකලට් වලින් මතු විය හැකි බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here