GMOA සාධාරණ නෑ, සුවපති ඇමති කියයි……රජය අත්තනෝමතිකයි GMOA කියයි…,රජයේ රෝහල් වල ලෙඩ්ඩු අනාතයි!

0

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද උදෑසන 8 සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජන හේතුවෙන් රෝගින් අසරණ වී තිබෙනවා.

කෙසේවතත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසා සිටින්නේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය කිසිසේත්ම සාධාරණ නොවන බවයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටින්නේ ජනතාව නොමග යවමින් බොරු හේතු පාඨ දක්වමින් වෛද්‍යවරුන් වර්ජනය කරන බවත් සමස්ත වෛද්‍යවරුන්ග්න් 24%ක් දක්වා වැටි බද්ද අය නොකර බවත් ය. එසේ වැට් බද්ද අය කරනු ලබන්නේ මාසික වැටුප රුපියල් 3, 50,000කට වඩා ලබා ගන්නා වෛද්‍යවරුන්ගෙන් පමණක් බවත් ය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ මාසයකට ආසන්න කාලයක් වෛද්‍ය ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට රජයට කල් ලබා දී තිබුණද රජයේ නිසි පරිදි කළමනාකරණය කිරීමට තිබු නොහැකියාව මත මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් වන බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here