රුපිය 145 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 65ක් රජයට බදු…..කොහොමද ගැහිල්ල?

0

මැදපෙරදිග සිට ලංකාවට තෙල් ගෙනවිත් ඛනිජ තෙල් සංස්ථාවේ බවුසර් මගින් ෂෙඩි එකට ප්‍රවාහනයට ගතවන්නේ රුපියල් 80ක් පමණක් බවත් වර්තමාන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 65ක් රජය බදු ගෙවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසනවා.

නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මෑතකාලයේ බඩු මිල වැඩිවෙන්න ප්‍රධානතම හේතුව තමයි ආණ්ඩුව තෙල් වලට ගහපු, තෙල් මිල වැඩි කරපු එක. 145 පෙට්‍රල් ලීටරය ඒක සවුදි ආරබියේ ඉඳලා නැවේ පටවලා ගෙනල්ලා, ලංකාව වත්තල පැත්තෙන් නැව බාලා ඒ නැවේ තියන තෙල් බට හරහා තෙල් සංස්ථාවට ගෙනල්ලා, ඒ තෙල් වලට පොඩි පොඩි පිරිපහදු කරලා, ඒ තෙල් ආයේමත් බවුසර් වලට ගහලා මේ නිකවැරටියට ගෙනල්ලා ශෙඩ් එකට බාන්න ඔක්කෝටම යන්නේ රුපියල් 80යි, එතකොට එක පෙට්‍රල් ලීටරයක ඇත්ත වියදම කියද රුපියල් 80යි. තමුන්නාන්සේලා රුපියල් 65ක් ගෙවනවා එක පෙට්‍රල් ලීටරයකට බදු විතරක්. ඒනිසා තෙල් වැඩි වුණේ අරාබියේ සුල්තාන් වැඩි අරපු එකෙන් විතරක් නෙමෙයි.”  මන්ත්‍රිවරයා මෙහිදි කියා සිටියා.

Bimal Rathnayake