දිනේෂ්ට ඉල්ලුවට, වෙල්ගමට ඉල්ලුවට… විපක්ෂනායක කවුද කියලා එජනිස තවම තීරණය කරලා නෑ….!

0

විපක්ෂනායකවරයා ලෙස පත්විය යුත්තේ කවුරුන්ද යන්න කතානායකවරයා මතය විමසා ඇතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තවම එම තීරණය ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පොළොන්නරුවේ අද (04) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ එළඹෙන සදුදා වන විට ඒ පිළිබඳව තිරණයක් ගෙන කතානායකවරයා වෙත දැනුම් දෙන බවය.

“විපක්ෂනායක ධූරය ගැන කතානායකවරයා ලියුමක් එවලා තියනවා. මට තවම ලියුම අතට ගන්න බැරි වුණා. ඒත් මම ලේකම්වරයෙක් හරහා ඒක කියව ගත්තා. මම අපේ පක්ෂයේ නායකයෝ එක්ක කතා කරනවා අපේ පක්ෂ ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයින් එක්ක ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා අපි සඳුදා වෙනකොට තීරණය කරනවා. අපි කතානායක දැනුවත් කරනවා කවුද විපක්ෂනායක කියලා. මට නම් කවුරුවත් තවම ඉල්ලීමක් කරලා නෑ මට විපක්ෂනායකකම දෙන්න කියලා. මාධ්‍ය වල නම් කියනවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට දෙන්න කියලා. තවත් පිරිසක් කියනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් පත් විය යුතු නිසා කුමාර වෙල්ගම මැතිතුමාට දෙන්න කියලා. ප්‍රාදේශීය සභාවල සියළු මන්ත්‍රිවරු වෙල්ගම මැතිතුමාට දෙන්න කියලා යෝජනා සම්මත ර ගත්ත බව අපිට වාර්තා වෙනවා. මටත් සමහර අය කතා කරලා කිව්වා මේක ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට දෙන්න ඕන කියලා. මම කිව්වා අපි තවම තීරණය කරලා නෑ කියලා.” අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.

Mahinda Amaraweera