දින්නට පස්සේ රට කරන්න මේ දවස්වල නිදිමරාගෙන සැළසුම් හදනවා……!

0

ජයග්‍රහණයෙන් පසුව රට පාලනය ආකාරය පිළිබඳව මේ දිනවල ශ්‍රි ලංකා පෙදුජන පෙරමුණ විද්වතුන්ගේ සහයෙන් සැළසුම් නිර්මාණය කරන බවත් ඒ සියල්ල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ සිදු වන බවත් බැසිල් රාජපක්ෂ පවසනවා.

කලවානේ පැවති ජනරල සම්මන්ත්‍රණයක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපිට දැන් තියන ලොකුම අභියෝගය තමයි මේ ආණ්ඩුව කරන ජනතා ද්‍රෝහි ජාති ද්‍රෝහි වැඩ රටට විරුද්ධව කරන වැඩ පිළිවෙළවල් මේ කාලය තුළ නතර කරගන්නේ කොහොමද කියලා. අපේ රටේ ඉන්න විද්වතුන් මේ දිනවල මහින්ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත රෑ දවල් දෙකේ සැළසුම් හදනවා කොහොමද මේ රට භාර ගෙන හදන්නේ කියලා.” ඔහු මෙහිදි පවසා සිටියා.

Basil Rajapaksa