උඩ බලාගෙන කෙල ගහන්න ඕන නෑ….මහින්දානන්දට කොන්දක් නෑ…..අපේ නායකයා මහින්ද රාජපක්ෂයි….!

0

දේශපාලන නොකරපු අය රාජ්‍ය නායකයා වීමට නොසුදුසු බවත් තමන්ට හා රටට අවශ්‍ය එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ඊයේ (05) කළුතර පැවති ජනරැලියක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අද ඉතාමත් ම හොද දවසක් මොකද නායකතුමාගේ පුතත් අපේ වේදිකාවේ ඉන්නවා. කියන්න තියන දේ කියන්න එපැයි. එතුමා ගිහින් තාත්තාට කියයි මෙන්න වෙලගම ඇමතිතුමා මේ වගේ කිව්වා කියලා. අපි බලාපොරොත්තු වන මේ රටේ එකම රාජ්‍ය නායකයා වෙන කවුරුවත් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි කියන එක කියන්න ඕන. ජනාධිපතිවරණයට අපිට ඕන කරන්නේ තමුන්නාන්සේව එහෙම නැතුව දේශපාලනය නොකරපු අය මට නම් වැඩක් නෑ. මම මේ දිස්ත්‍රික්කයේ අවුරුදු 36ක් ආසන සංවිධායකවරයෙක් හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදලා තියනවා. මම සංවිධායකකම ගන්නකොට නාමල් මහත්තයා ඉපදිලා නෑ. රෝහිත මහත්තයා මම හිතන්නේ ජංගියේ චූ කරන කාලේ.”

“දැන් ලංකාදීප පත්තරයට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා කියලා තියනවා කුමාර වෙල්ගම ගැන කතා කරලා වැඩක් නෑ එයා විකටයෙක්ගේ චරිතය කරන්නේ කියල. මම අහන්න කැමති මහින්දානන්ද මහත්තයෝ එදා මධ්‍යම කාරක සභාවේදි තමුසෙට කොන්දක් පණක් තිබුණේ නෑ නැගිටලා කියන්න. එදා නුගේගොඩ රැස්වීමට නගින්න තමුසෙට පිට කොන්දක් තිබුණේ නෑ. හැංගිලා ඉදන් බලාගෙන හිටියේ. එහෙනම් විකටයා කවුද? අද විපක්ෂයේ ඉන්නවා ආණ්ඩුව එක්ක ඩීල් දාන උන්. මම බය නැතුව කියන්නේ මට ඕන නම් නම් කියන්න පුළුවන් ඒත් මම උඩ බලාගෙන කෙල ගහන්නේ නෑ. මට දුර පේනවා. මට දොස් කියපු මහින්දානන්ද එදා හිටියේ චන්ද්‍රිකා නෝනගේ පිලේ. එතුමා මහින්ද මහත්තයාට වැඩ කළේ නෑ. එතුමාගේ ඔලුවේ ඉන්නේ මහින්ද මහත්තයා නෙමෙයි එතුමාගේ ඔලුවේ ඉන්නේ වෙන කෙනෙක්. නමුත් ඒකට අපි ඉඩ දෙන්නේ නෑ.” මන්ත්‍රිවරයා මෙහිදි කියා සිටියා.

Kumara Welgama