ජනාධිපතිකමට, අගමැතිකමට, විපක්ෂනායකකමට ඒකාබද්ධය ඇතුලේ අර්බුද…හැමදේටම මරා ගන්නවා

0

වර්තමාන රජය කිසිම දේශපාලකයෙක් ආරක්ෂා නොකරන බවත් කුඩු අදින දේශපාලකයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ආණ්ඩුවට දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.

ඊයේ (05) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“උතුරේ මත්ද්‍රව්‍ය වැඩියි කියලා ප්‍රචරයක් ගියා. සමහර අය කිව්වා උතුරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න දේශපාලඥයෝ මැදිහත් වෙනවා කියලා. තොරතුරු දන්නවා නම් කියන්න. අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මොකද අපිට කවුරුවත් බේරගන්න අවශ්‍ය නෑ.”

“ෂැංග්‍රිල්ලා හෝටලය සින්නක්කරව චීන්නුන්ට වික්ක රාජපක්ෂට කියන්න පුළුවන්ද මම සින්නක්කරව වික්ක කොළඹ නගරයේ හදවත ආපහු ගන්නවා කියලා. විපක්ෂනායකධූරය ලැබෙන්න ඕන ජාතික රජය කියලා අපේ ගිවිසුමක් තියනවා ඒ ගිවිසුමටත් අනුකූලව. ඒකාබද්ධ විපක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකධූරය, අගමැතිධූරය, වර්තමානයේ නම් විපක්ෂනායක ධූරය මේ හැම එකක් ගැනම එතැන් තියෙන්නේ අර්බුදයක්.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.