පසුගිය කාලයේ සමෘද්ධිය වෙනම ආණ්ඩුවක් වගේ තිබ්බේ….දුප්පත් ජනතාවට ලොකු අසාධාරණයක් වුණා

0
“පසුගිය කාල වකවානුවේ සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේ දි සිදුවු අක‍්‍රමිකතා හේතුවෙන් ලක්ෂ ගානක් දුප්පත් ජනතාවට අසාධාරණයක් සිදු වුනා. හරියටම වෙනම ආණ්ඩුවක් වගේ තමයි සමෘද්ධිය පාලනය වුනේ. දැන් අපිට එය නිවැරදි කරමින් සුදුසුකම් ඇති සියලූම පවුල් වලට සාධාරණය ඉටුකිරීමට හැකියාව ලැබී තිබෙනවා” යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවා.
aඅමාත්‍යවරයා මෙසේ පවසන ලද්දේ පසුගිය දා සමෘද්ධි සංවර්ධන නිලධාරි, ග‍්‍රාම නිලධාරි හා ආර්ථික සංවර්ධන නිලධාරි යන රජයේ නිලධාරින් වෙනුවෙන් බෙන්තර, අංගාගොඩ – 02 ග‍්‍රාම නිළධාරි වසමේ ඉදි කළ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.
 
මෙම උත්සව සභාව අමතා වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ ද පැවසිය.
“මෙම කාර්යාලය මගින් ප‍්‍රදේශයේ ජනතාවට එකම වහළක් යට රජයේ නිළධාරින් සියලූ දෙනාම ඉතා පහසුවෙන් හමුවී තම කාර්යයන් ඉටු කර ගැනීමට පහසුකම් ලැබෙනවා. රටේ සෑම ගමක්ම දියුණු කිරීම ස`දහා ගම්පෙරළිය වැඩසටහන තුළින් එක් ගමකට රුපියල් මිලියන 200 බැගින් ලබා දෙනවා. අපේ බලාපොරොත්තුව ගම්පෙරළිය තුළින් ගම සංවර්ධනය කර මුලූ රටේම දැවැන්ත සංවර්ධන පෙරළියක් සිදු කිරීමයි. සෑම ගමකම පවතින අඩුපාඩු සම්පූර්ණ කර එහි උපරිම ඵල නෙලා ගැනීමට හැකි වන ලෙසට ගම සැලසුම් කිරීමයි අපේ අරමුණ. ඉඩම් ඔප්පු ලබා දිම, ගමේ මංමාවත්, විදුලිය, වැව් අමුණු ,ක‍්‍රිඩාපිටි, පාසැල් සනීපාරක්ෂක පහසුකම්, බෞද්ධ මෙන්ම අන්‍ය ආගමික ස්ථාන, සංචාරක ආකර්ෂණිය ස්ථාන වැඩි දියුණූ කිරීම, හරිත උද්‍යාන ඇති කිරීම වැනි වැඩසටහන් මගින් සෑම ක්ෂේ‍්‍රතයක්ම මේ යටතේ දියුණු කරනවා.”
 
“නිසි ආදායමක් උපයා ගැනීමට නොහැකි, අධ්‍යාපනය ලබන දරුවන් ඉන්න විදුලිය නොමැති දුප්පත් නිවාස තිබේ නම් ඔවුන්ගේ අභිවෘර්ධිය ස`දහා නොමිලේ විදුලිය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිවාස ඉදි කර ගැනීමට හා අලූත්වැඩියා කර ගැනීමට ඉතා අඩු පොළියට ණය යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා. මාසික ආදායම රුපියල් 7500/ ට වඩා අඩු පවුල් වලට නිවාස ඉදිකර ගැනිම ස`දහා රුපියල් පනස්දහසක මුදලක් ලබා දෙන අතර ඉන් ආපසු අය කරගනු ලබන්නේ රුපියල් තිස්දහසක් පමණයිි. ඉතිරි රුපියල් විසිදහසක මුදල ආපසු නොගන්නා ප‍්‍රදානයක් ලෙසට එම පවුල් වලට හිමි වෙනවා. රටේ විශාල විදේශ ණය කන්දරාවක් ගෙවමින් ජනතාවට අතිවිශාල සහනයක් ලබා දීමට ගම්පෙරළිය තුළින් හැකි වීම අපේ ආණ්ඩුව ලැබූ සුවිශාල ජයග‍්‍රහණයක් හැටියට මං සලකනවා. මෙම වැඩසටහන තුළින් ඔබේ අනාගතය සාර්ථක කර ගැනිමට උපරිම ඵල නෙළා ගැනීම ස`දහා කටයුතු කරන ලෙසට මා ඉල්ලා සිටිනවා”
Gayantha Karunathilaka