පොහොට්ටුවේ නායකයා කවුද කියලා මලාට හොයා ගන්න බෑ….ජනාධිපති අපේක්ෂකයෝම 500ක් විතර ඉන්නවා

0

අනාගත ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යනු තනි කෙනෙකුගේ මතයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසනවා.

ඊයේ (05) පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා ඒ බව පවසා සිටියා.

“අපේ බණ්ඩාරනායකගෙන් ආරම්භ කළ මේ පක්ෂය ඊට පස්සේ ඈත පිටිසර හම්බන්තොට ගිහිල්ලා ඒ සාමාන්‍ය රාජපක්ෂ කෙනෙකුට මේ පක්ෂයේ නායකත්වය දෙනවා. අද එය පොලොන්නරුවේ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හෙට කාටද මේ පක්ෂය බාර දෙන්නේ එයා සමඟ කටයුතු කරනවා මිසක්කා අපි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පස්සේ දුවන්නේ නෑ. ගම්පහ ගහලා තිබ්බා පොස්ටරයක් මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරනවා කියලා. මම මිනිස්සුන්ට ගිහිල්ලා කිව්වා ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රාදේශිය සභා මැතිවරණයක් දිනලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකරන්න නම් අපි 95 දෙනා එකට ඉදගන්න ඕන කියලා. ඔලුගෙඩ් මදි අපිට ආණ්ඩුවක් හදන්න. අපිට ඒ දෙන්නා එකතු කර ගන්න ඕන. කරගෙන තමයි අපිට ආණ්ඩුවක් හදන්න වෙන්නේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැතුව අපේ උදව් නැතුව කාටවත් දිනන්න වෙන්නේ නෑ. පොහොට්ටුවේ නායකයෝ කවුද කියලා අපි දන්නේ නෑ. ඒකේ ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා 500ක් විතර. ඒ නිසා මතක තියා ගන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියන්නේ තනි පුද්ගලයෙකුගේ මතවාදයක් නෙමෙයි.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Dayasiri Jayasekara