ආණ්ඩුව ගෙනාවේ සිරිකොතේ ඉන්න ටයි කෝට් මහත්වරු නෙමෙයි….දේශපාලන වහල්ලු බිහිවීමට ආණ්ඩුව වගකියන්න ඕන

0

වර්තමාන යහපාලන ආණ්ඩුව ඇති කිරීමට මහන්සි වූයේ ටයි කෝට් දාගත් මහත්වරුන් නොවන බවත් අහිංසක බිම් මට්ටමේ යූ එන් පීකාරයෝ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් පවසනවා.

ඊයේ (06) සිරිකොත පක්ෂමූලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“සිංගප්පුරු වෙළඳ ගිවිසුම ගැන GMOA එක උද්ඝෝෂණය කරනවා. සිංගප්පුරු වෙළඳ ගිවිසුමේ වැරදි තියනවා නම් අඩුපාඩු තියනවා නම් අපි ඒවා සාකච්ඡා කරලා විසඳා ගන්න ඕන. ඉගන ගත්තු වෘත්තීයවේදි මහත්වරුන්ගේ ඉල්ලා සිටිනවා මේක දඩමීමා කරගෙන රාජපක්ෂලාට බලයට එන්න ඕන නම් වහල්  වැඩකරන්න. හැබැයි තමන්ගේ වෘත්තීය පාවලා දෙන්න එපා. මේ වහල්ලු බිහි වෙන්න වගකියන්න ඕන මේ ආණ්ඩුවම තමයි. මේ ආණ්ඩුව තීරණ ගත යුතු තැන් වලදි කොදු ඇට පේලිය ශක්තිමත්ව තියාගෙන තීරණ නොගැනීමේ ප්‍රතිවිපාක හරහා තමයි මේක වෙලා තියෙන්නේ කියලත් අපි කියන්න ඕන.”

“දැන් මේ ආණ්ඩුව ගේන්න මහන්සි වුණේ ඔය පුටුවල ඉන්න ටයි කෝට් දාගත්ත ඉංග්‍රීසි කතා කරන මහත්වරු නෙමෙයි. ඒකෙන් බැට කෑවේ වෙඩි කෑවේ අහිංසක අසරණ යූඑන් පිකාරයෝ. මගේ ආසනය ගත්තාම මම 17000කින් ජනාධිපතිවරණයත්, 14000කින් පාර්ලිමේන්තු මැතිවරණයත් දිනවන්න ඔය එක ටයිකෝට් දාගත්ත මහත්තයෙක්වත් මේ සිරිකොතේ ඉදලා අවේ නැහැ. මේ ආන්ඩුව ගත්තේ ඊට පස්සේ හයිජැක් කරගෙන ආපු මහත්වරුන්ට ආ දැන් අපිට හොරකම් කරන්න අවස්ථාවක් හම්බ වෙලා තියනවා කියලා ඒ අවස්ථාව දෙන්න නෙමෙයි.”

Saidulla Marikkar