හරක් ඇමති ගොන් වැඩක් කරලා…. රටම අනතුරක…. (VIDEO)

0

වත්මන් ආණ්ඩුවේ කිරි ගවයන් භාරව සිටි හිටපු ඇමති පී. හැරිසන් මෙන්ම වත්මන් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා විසින් කිරි ගවයන් ආනයනය කිරීමේදී විගණකාධිපතිවරයාගේ නිර්දේශ නොතකා කටයුතු කිරීමෙන් මිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බවත් ගෙන්වන ලද ගවයන් රෝගී ගවයන් වීම නිසා එම ගවයන් මියයාම හේතුවෙන් ගවයන් මිලදී ගත් ගොවියා මහත් අසරණ භාවයකට පත්ව ඇති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විගණකාධිපතිවරයාට පැමිණිලි කරමින් කියා සිටියි.

අද (06) පස්වරුවේ කිරි ගොවියන් සමග පැමිණි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.