රනිල් එක්ක ඩීල් දාන අනුර කුමාර එක්ක මොන විවාද ද…?

0

ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන ජනතා විමුක්ති පෙරමුණ සමඟ විවාද කිරීමට අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (06) අනුරාධපුරයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“ඔය කියන්නේ එයා කරන දේවල් නේ. කවුද මේ රනිල් වික්‍රමසිංහ එක්ක ගණුදෙණු කරන්නේ. මුළු රටම දන්නවා ඒ ගැන. ගිය මැතිවරණයටත් ඩීල් දැම්මා, අදත් දානවා, අදත් එයාලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඒ අගමැතියි ජනාධිපතියි මෙයා එක්කමයි, මෙයා පාර්ලිමේන්තුවේදි කතා කරන්නේ අගමැතිට ඕන විදියටයි. රාජපක්ෂවරුන්ට එරෙහිව පරීක්ෂණ කරගෙන යනවා දැන් නඩුත් දාන්නනේ ඉන්නේ. එයත් එක්ක කවුද විවාද කරන්නේ.”

විපක්ෂනායකධූරය ඒකාබද්ධ විපක්ෂයට ලැබෙයිද?

“ඒක අපිට ලැබෙන්න ඕන. අපිට 70 ක් ඉන්නවා.”

සමහරු කියනවා දිනේෂ් ගුණවර්ධන සුදුසුයි කියලා?

“මම හිතන්නේ මන්ත්‍රිවරු ඔක්කෝම අත්සන් කරලා ලියුමක් දීලා තියෙන්නේ විපක්ෂනායක වෙන්න ඕන කවුද කියලා.”

Mahinda Rajapaksa