කවුරු කළත් ඡන්ද කල් දාපු එක වැරදියි…ජනතාවගේ බලය උදුර ගන්න දෙන්න බෑ

0

කවුරු කළත් ඡන්දය කල් දැමීම වැරදි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

අද (06) කොළඹ දි පැවති උත්සවයක් අමතමින් මැතිවරණ කොමසාරිස් මේ බව සඳහන් කළා.

“ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපතිතුමා, විපක්ෂනායකතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක් තුමා මේ ඔක්කෝම ඒකමතිකව තමයි මේ 2016 අංක් 1 දරන කාන්තාවන්ට 25% නියෝජනය දෙන්න ඕන කියන පනත සම්මත කළේ. ජනතාවගේ බලය ඒක කාටවත් උදුර ගන්න දෙන්න බෑ. කවුරු කතා කළත් ඡන්ද අවලංගු කරපු එක වැරදියි. මේවා කතා වෙන්න ඕන. අපේ රටේ හිතන්න තියන ලොකුම දේ තමයි දේශපාලනය අන්තිම නරක දෙයක්. බෝවන රෝගයක්, නැත්නම් මහසෝන් යකා වගේ මහ භයානක එකෙක්. එහෙම එකක් නෑ. වැලිකඩ ලියලා තියෙන්නේ සිරකරුවෝද මනුෂ්‍යයෝය. ඒවගේ දේශපාලඥයෝ ද මනුෂ්‍යයෝය.” ඔහු මෙහිදි පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here