ශ්‍රිලංනීපේ ඉන්න ගමන් UNPයට ගිය දයාසිරි ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ කොහොමද?

0

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව පවසු චෝදනා වලට රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා ඊයේ (06) පිළිතුරු ලබා දුන්නා.

“අනේ මන්ත්‍රිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක ඉන්න ගමන් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත ඇතුලට ගිහිල්ලා කාලයක් හිටියේ ප්‍රතිපත්තියක් තියන හින්දද? ඒ එක්කම පොළොන්නරුවේ තියන දෙකේ ඇල. බලාගෙන ඔය ඇලේ නානකොට එක එක දේවල් මාලුන්ගෙන් පරිස්සම් කර ගන්න. ඒ එක්කම පිළිගන්නවා පරාක්‍රම සමුද්‍රය වගේ කියලා පොදුජන පෙරමුණ. ඔව් පරාක්‍රම සමුද්‍රය වගේ නෙමෙයි මහා සාගරය වගේ පොදුජන පෙරමුණ පිරිලා තියෙන්නේ. ඒකේ නාන්න යන අය අනවශ්‍ය විදියට පීනන්න යන්නේ නෑ. වතුර වැඩි නම් පනිට්ටුවක් අරගෙන හර් නාගන්න පුළුවන්. අර ලක්ෂ 15 ඡන්ද පදනමක් ගැන කතා කෙරුවේ ඒ ලක්ෂ 15 තියෙන්නේ දායාසිරිගේ කොයි පෙට්ටගමේද දන්නේ නෑ. අපිට බලාගන්න පුළුවන් වෙයි ඊලඟ පළාත් සභා ඡන්දයේදි ඒ ඡන්ද මල්ලට වේයෝ ගහලද මීයෝ කාලද කියලා.”

එතුමා ඔබතුමාලා ලගට ආවා ඒ කියන්නේ ඔබතුමාලා එතුමා පිළිගත්තේ නැද්ද?

“කොන්ද කෙලින් තියාගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පිළිගන්න පුළුවන් කට්ටියට අපි ගාවට එන්න පුළුවන්. නායකයෝ ඩබලක් එක්ක ඉන්න අයට අපි ගාවට එන්න පුළුවන්කමක් නෑ.”

එහෙම නම් ආපු 16 දෙනාගෙන් 15ක් ඉන්නවානේ?

“එතුමන්ලට යථාර්ථය තේරිලා තියනවා. තමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරනවා නම් කාඑක්ක ද හිටගන්න ඕන කියලා.”

Rohitha Abeygunawardena