නීතිය පවා උල්ලංඝනය කරමින් හිතුන ගමන් වැඩවර්ජනය කරමින් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන දුම්රිය වෘත්තීය සමිති හෙලා දකිමු!

0

අද පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයක් දියත් කළ අතර මේ හේතුව නිසා දුම්රිය මගින් විශාල අපහසුතාවයකට පත් වූණා.

තමන්ට සිදු වන මේ අපහසුතාවය නිසා කෝපයට පත් දුම්රිය මගීන් කොටුව දුම්රිඋඅ පොළේ කලහකාරී ලෙස හැසිරුණු බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් දුම්රිය ප්‍රවේශ පත්‍ර හා සීසන් ගමනාගමන මණ්ඩලයේ බස් රථ වලට වලංගු බවත් අධිවේගි මාර්ග වල නොමිලේ ගමන් කිරීමට හැකියාව ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය පැවසීය.

කෙසේවෙතත් තම වෘත්තීය ඉල්ලීම් මුල් කර ගනිමින් දුම්රිය සමිති මෙසේ දියත් කරන මේ කුහක ක්‍රියාමාර්ගය අනිවාර්යයෙන් ම හෙලා දැකිය යුතුය. මෙය වැඩ වර්ජනයකි. ලංකාවේ නීතිය විසින් වැඩ වර්ජනය කිරීමේ අයිතිය පිළිගත්තද කාර්මික ආරවුල් පනතේ 32 (2) වගන්තිය දක්වන්නේ වැඩ වර්ජනයට දින 21 කට පෙර ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවයි. එසේම 40(1) වගන්තිය දක්වන්නේ මෙම විධානයන්ට අවනත නොවන වෘත්තීය සමිති සමාජිකයන් රැකියාවෙන් නෙරපිය හැකි බවයි. නීතිය එසේ පවසා තිබියදි ගහෙන් ගෙඩි එන්නා වගේ මෙවන් වර්ජනයන් සිදු කිරීම මගින් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමට දුම්රිය නිලධාරින්ට හැකිව ඇත්තේ කෙසේද? නිතිය කඩ කිරීමට එරෙහිව ඔවුනට නිතිය ක්‍රියාත්මක වන්නේ නැද්ද? මොන තරම් බස් දැම්මත් දුම්රිය ගින් ගෙනයාමට තරම් CTBබස් ගමනාගමන මණ්ඩලය සතු නොවේ. එසේම පෞද්ගලික බස් රථ වෙස්සන්තරට අදින්නේද නැත. දුම්රියේ යන්නට ද මුදල් ගෙවා නැවතන් වෙනත් ප්‍රවාහන මාධ්‍යයට මුදල් ගෙවා පරක්කු වී ගෙදරට යන දුම්රිය මගින්දගේ අපහසුතාවය ගැන වගකියන්නේ කොයි වෘත්තීය සමිතිය ද?

එසේනම් තම අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව පාරට බැසීමට කාලය පැමිණ ඇත. තම බදු මුදලින්ම පඩි අරගෙන ජනතාවටනිසි සේවය නොසපයන දේශපාලකයන්ගේ සිට සියල්ලට එරෙහිව ඔවුන් ගෙදර යන තෙක් ක්‍රියාත්මක වන මාරන්තික උපවාසයකට එළඹීමට කාලය පැමිණ ඇත. කිසිවෙකුට ගෝනි නැතුව කරේ යාමට ඉඩ දිය යුතු නැත. මන්ද යත් ඔය කවුරු කවුරුත් ජනතාවට ණය තබා ඇතුවා මිස ජනතාව ඔවුනට ණය නොමැති බැවිනි.