GMOA එකට මානසික රෝගයක් තියනවා – රාජිත සේනාරත්න

0

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මානසික රෝගයක් ඇති බවත් ඔවුන් හැසිරෙන්නේ වෛද්‍යවරුන් ලෙසද කියා සැකයක් ඇති වන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ (08) පැවති කැබිනට් තීරණ හැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීන් විසින් අසන පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට ඔබ සූදානම් වන බවට වෛද්‍ය සංගමය චෝදනා කරනවා?

“වෛද්‍ය සංගමයට මානසික රෝගයක් තියෙනවා. ඔවුන් හැසිරෙන්නේ වෛද්‍යවරුන් විදියටද කියලා හැමෝටම තේරෙනවා. මහාචාර්ය කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවෙන් ඉවත් වෙන්න දුන් ලිපියේත් තියෙන්නේ වෛද්‍ය සභා පනත සංශෝධනය කරන්න කියලා. වෛද්‍ය සභාව තියෙන්නේ වෛද්‍යවරුන්ගේ අයිතීන් ආරක්‍ෂා කරන්න නෙවෙයි. මහජනතාවගේ අයිතීන් ආරක්‍ෂා කරන්නයි. වෛද්‍යවරුන් වැරැද්දක් කළත් ඔවුන්ට දඬුවම් කරන්න බැරිවී තිබෙනවා. වෛද්‍ය සභාවට වෛද්‍ය නොවන අයත් සම්බන්ධ කරගත යුතුයි. වෙනත් රටවලත් එහෙමයි. අද වෛද්‍ය සභාවට පැමිණිලි ඉදිරිපත් වන්නේත් නැහැ.”

Rajitha Senaratne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here