බංකොළොත් ආණ්ඩුව අන්තිම පිදුරු ගහෙත් එල්ලුණා….දුරකතන ටැප් කරලා…,බැරිකම පෙන්නුවා

0

ආණ්ඩුව අනවසරයෙන් දුරකතන වලට සවන් දෙන බවත් එය රටේ දේශපාලන සෞඛ්‍යයට එතරම් සුදුසු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඊයේ (08) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපේ රටේ ජනාධිපති තෝරන්නේ විපක්ෂනායක, විපක්ෂනායක තෝරන්නේ අගමැති, අගමැති තෝරන්නේ විපක්ෂනායක. මීට වඩා විගඩමක් දේශපාලන ලෝකයේ තියෙන්න පුළුවන්ද> දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ට වෙනම මොඩලයක් මේක. මේක බරපතල දේශපාලන වරදක්. ඕනෑම ආණ්ඩුවක් බැරිම තැන එල්ලෙන පිදුරු ගහේ මේ ආණ්ඩුව එල්ලිලා. දුරකතන වලට අනවසරයෙන් සවන්දීම. රටක දේශපාලන සෞඛ්‍යයට හිතකර තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා වගකීමෙන් කියනවා මේ රටේ ජනතාවගේ දුරකතන වලට හොරෙන් සවන් දෙන බව. මේ රටට ජපානයෙන් ඉතාම සියුම් තාක්ෂණික උපකරණ ගෙනල්ලා තියනවා. නුගේගොඩ ප්‍රදේශයේ නිවසක මේක ස්ථාන ගත කරලා තියනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මේක අධීක්ෂණය කරනවා. මෙතන හිතන්න එපා මේ ඒකාබද්ධ මන්ත්‍රිවරුන්ගේ දුරකතන වලට විතරයි සවන් දෙන්නේ කියලා. මාධ්‍යවේදීන් බහුතරයකගේ දුරකතන වලට සවන් දෙනවා. මාධ්‍ය ප්‍රධානින් නම් කරලා තියනවා. පොලිසියෙන් ම සමහර නිලධාරින්ගේ දුරකතන ටැප් කරලා තියනවා. අද උදේ ලැබුණ තොරතුරු අනුව හකීම් ඇමතිවරයාගේ දුරකතන ගැන විමසිල්ලෙන් ඉන්නේ. අධිකරණ විනිසුරුවන්ට මේක යන දවස වැඩි ඈත නෑ. හමුදාපති කියනවා සමාජ ජාලා වෙබ් අඩවි ගැන අවධානයෙන් ඉන්නේ කියලා. පොලිස්පති මාධ්‍ය සාකච්ඡා වලදි මාධ්‍යවේදින්ට තර්ජනය කරනවා ‘තමුසෙලාට ඕන දේවල් දාන්න බෑ ඕවා මකලා දානවා කියලා’. මන්ත්‍රිවරයා පවසා සිටියා.

මේ අතර ඊයේ පැවති කැබිනට් මාධ්‍ය තීරණ දැනුම් දීමේ හමුවේදි අමාත්‍ය රාජිත සේනාරත්න පවසා සිටියේ රජය දැනුවත් එවන් ක්‍රියාමාර්ගයක් ගෙන් නොමැති බවයි.

Dullas Alahapperuma