අමෙරිකාව ඉරානයට දාන සම්බාධක නිසා තෙල් මිල ඉහළ යන්න පුළුවන්…අගමැති අනතුරු අඟවයි

0

ඇමෙරිකාව විසින් ඉරානයට සම්බාධක පැනවුවහොත් තෙල් මිල වැඩිවිය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (09) පාර්ලිමේන්තුවේදි බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරයා මේ බව පවසා සිටියා.

“අද ඉරානයට පනවන සම්බාධක නිසා අපි දන්නේ නෑ. ඊලඟ මාස කිහිපයේදි තෙල් මිල කොහොම වෙනස් වෙයිද කියලා. එහෙම වුනොත් අද අපිට ඒකට මුහුණ දීමට තත්තවයක් ඇති කරන්න තියෙනවා. ඒ වගේම ඇමෙරිකාව චීනය අතර ඇති බදු අර්බුදය නිසා මේක අපිට බලපාන්න පුළුවන්. ඒ නිසා ඇත්තවශයෙන්ම හෙට අනිද්දා තත්ත්වය කුමක්ද කියලා අපිට කියන්න බැරි වෙනවා. තෙල් පිළිබඳවත් ඇමෙරිකාව සම්බාධක පනවන්න යනවා. අපි ඒකටත් ලෑස්තිවෙලා ඉන්න ඕන. නැත්නම් එක පාරටම තෙල් මිල වැඩි වුනොත් මොකද අපි ගන්නේ ඉරානියන් 2 ඒ නිසා තමයි අපි මේකටත් පියවර අරගත්තේ. පස්සේ කාලෙක මේක වැඩි වුණා කියලා අපි සමහර විට පියවර අරගෙන නොඉන්නත් ඉඩ තියෙනවා.” අගමැතිවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe